උමාඔය සැලස්ම මෛත්‍රී මහවැලි ඇමති කාලේ මෛත‍්‍රීගේ පින්තූර දමා මුද්‍රණය කල පොතේ තියෙනවා..

June 29, 2017 at 11:34 pm | lanka C news
උමාඔය සැලස්ම මෛත්‍රී මහවැලි ඇමති කාලේ මෛත‍්‍රීගේ පින්තූර දමා මුද්‍රණය කල පොතේ තියෙනවා..

අධිරාජ්‍යයවාදින් මේ රට විනාශ කරලා ගියාට පස්සේ මේ රට විනාශ කිරීමේ වගකීම දැන හෝ නොදැන භාර ගත්තේ මේ රටේ ඉන්න පාලකයන් සහ නිලධාරින් බවත් උන් මේ රටේ ගහ කොල ඇල ගංගා ඇතුළු සියලු ස්වභාවික සම්පත් විනාශ කරන බවත් උමාඔය සටනේ නායකත්වය දෙන ඌව පලාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි. ඔහු මෙසේ ප්‍රකාශ කලේ නව ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුවාට පසුවයි.

මහවැලි මහ සැලස්ම යටතේ උමා ඔය ඉදිකිරීමට සැලසුම් කොට තිබු බවත් මෙම සංවර්ධන යෝජනාවන් හරහා ජනතාවට සෙතක් නොවන බවත් අගයක් දන්නැති පිරිස් ස්වභාවික ගලන ගංගා විනාශ කරන බවටත් ඔහු චෝදනා කල අතර මුලු මහවැලි යෝජනාවම ප්‍රොඩාවක් මෙන්ම මුදල් කාබාසිනියා කිරිමක් බව ඔහුගේ සම්පූර්ණ කතාවට සවන් දීමෙන් වටහා ගත හැකිය.

එහෙත් ජනාධිපතිවරයා හැටන් නගරයේ පාසල් උත්සවයට සහභාගි වෙමින් පැවසුවේ උමාඔය සම්බන්ධව ජනතාව විරෝධය දක්වන පැත්තේ තමන් ද සිටින බවයි.

2008 වසරේ ඉරාන ජනාධිපති ලංකාවට පැමිණ අවස්ථාවේ ඉරාන ආණ්ඩුවේ ණය ආධාර මත මෙම ව්‍යයපතිය සඳහා මූල්‍ය ආධාර ලබාගැනීමට එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සාකච්ඡා කල අතර එවකට උමා ඔය අයත් අමාත්‍යාංශය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති යටතේ පැවතුනි. link

මහවැලි මහා සැල්ස්මේ ඉතිරි වී ඇති තවත් ව්‍යපතියක් ලෙස ඉරාන ණය අධාර මත උමාඔය ආරම්භ කලේ 2013 වසරේ එවකට මහවැලි සංවර්ධන සහ වාරිමාර්ග ජල කලමණාකරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යටතේ ය. එමෙන්ම ඔහු එදා සිට අද වනතුරුත් උමා ඔය අයත් බදුල්ල දිස්ත්‍රික්ය නියෝජනය කරන අමාත්‍යවරයෙකි.

මෙම ව්‍යාපතියේ සියලුම දේශිය ඉංජිනේරු සේවාව සැපයුයේ එම අමාත්‍යාංශයේ යටතේ තිබු මධ්‍යයේම ඉංජිනේරු උපදේශක සේවාව CECB මගිනි. එවකට එහි සිටි සභාපතිවරයා මේ වනවිට හා බස්නාහිර පලත් සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතාය. ඔහුද පලපුරුදු ඉංජිනේරුවරයෙකි. link

සමන්ත විද්‍යාරත්නගේ කතාව මෙතනින්

136 views
Main News