උඹට බැරි නං මේක මට දීපං මං කරල පෙන්වන්නම්..- මර්වින් ජනාධිපතිට කියයි..

September 25, 2018 at 11:20 am | lanka C news
උඹට බැරි නං මේක මට දීපං මං කරල පෙන්වන්නම්..- මර්වින් ජනාධිපතිට කියයි..

ජනාධිපතිවරයා මරනවා යැයි කියූ කුමන්ත්‍රණයට මේ සිටිනා ජනාධිපතිට ක්‍රියාත්මක විය නොහැකි නම් පුළුවන්ද රට දියුණු කරන්න යයි හිටපු ඇමති මර්වින් සිල්වා ප්‍රශ්න කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට හෙළි වී ඇති තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය.

‘මේ මිනිහට පුළුවන්ද ආර්ථිකය හදන්න. මේ මිනිහට පුලුවන්ද අපේ සිංහල ජාතිය රකින්න. මේ මිනිහට පුළුවන්ද සියලූ ජාතීන් ඒකරාශී කරන්න. මේකට කොන්ද පන නැත්තං මෙයාට තියෙන්නෙ හොඳ බුරත කොටයක් කොන්දට බැදගන්න. මම කියනවා ජනාධිපතිට උඹට බැරි නං මේක මට දීපං මං අල්ලල දෙන්නම්’ යයිද ඔහු එහිදී සදහන් කලේය.

91 views
Main News