උඹ මහ පාරෙ පුච්චලා මරණවා…- බදියුදීන් වැලිකඩ සිට අමතයි..

August 22, 2021 at 10:01 pm | lanka C news
උඹ මහ පාරෙ පුච්චලා මරණවා…- බදියුදීන් වැලිකඩ සිට අමතයි..

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජන කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙක් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇත.

මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් ඊයේ (21) එම පැමිණිල්ල කර තිබේ.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුළ පසුගිය 15වනදා අදාළ වෛද්‍යවරයා විසින් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවය.

එහිදී මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙසත් අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහුව ඇතුළට කැඳවන බවත් වෛද්‍යවරයා විසින් පවසා ඇති බව වාර්තා වේ.

එහිදී කුපිත වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, බැණවැදී ඇත්තේ, “උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාලු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්,මගේ වැඩ කරගන්න තමුසේ ඕන නැහැ” යනුවෙන් බව අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

“තමුසේ දන්නැද්ද මම මොකක් කරලා ද ආවේ කියලා. ඒ වගේම තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැති වෙයි. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්.” යනුවෙන් මන්ත්‍රීවරයා මරණීය තර්ජන කළ බවද වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි.” යනුවෙන් ද මන්ත්‍රීවරයා එහිදී පැවසූ බව වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත.

“දොස්තර.. පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්.” යනුවෙන් තර්ජනාත්මකව හා අපහාසාත්මක බැණවදිමින් ආවේගශීලීව හැසිරුණු බව වෛද්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

අදාළ වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමියට, බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුට වාචිකව සහ ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාව අද (22) දහවල් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගගෙන තිබේ.

මේ අතර කොළඹ අපාරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇත.

– Adaderana

149,018 views

47 Comments to “උඹ මහ පාරෙ පුච්චලා මරණවා…- බදියුදීන් වැලිකඩ සිට අමතයි..”

  1. Sunil Perera says:

    මේ බල්ලා මෙච්චර දගලන්නේ අපේ පක්ෂ විපක්ෂ සිංහල නායකයෝ කියාගන්න එවුන්ගෙ සක්කිලි වැඩ නිසා… බල තණ්හාවට ඕනම පාහරයෙක් ලගට ගනියි. අපේ එවුන් එකමුතු නම් මුන්ගෙන් වැඩක් නෑ… කාලකන්නි හැතිකරේ…

    • Be united says:

      ඇත්ත බෙදිල කුළල් කන සිංහල හැතිකරෙට තව අවුරුදු 30 යි මෙ රටෙ බලය තියෙන්නේ ,ඒකට උඩගෙඩි දෙන්නූ දෙශපාලන හිගන්නන් ගෙ වලවල් වලට වැහි නැති හෙණ ගහනවා.

  2. බූරුවා says:

    කෝ මේ ඊනියා වයිද්‍ය සංගමය? බල්ලන් වගේ බුරලන්නේ නමුත් තමන්ගේ කෙනෙකුට මරණ තර්ජන කලාම නගුට පස්ස පැත්තේ ගහගෙන මලපහ පිටවෙනවා. මේ කතාව පිලිගත හැක්කේ බදියුදීන්ගේ ක්‍රියා කලාපය සමග ඉතා හොඳින් ගැලපෙන නිසා. මේ වගේ පාහරයෙකුට මේ වචන ඉතා පහසුවෙන් කියන්න පුලුවන්, මූ එතරම් වනචර මිනිහෙක්.
    එතකොට බූරු පුතානෝ දැනගෙන නේද මේවා කියන්න ඇත්තේ. ඇයි සද්ද නැත්තේ ?

  3. APPUHAMI says:

    Den Panadaagena hoyana Mahamolakaaraya kawda kiyala hithaganda puluwan kata boru kiwwath diwa boru kiyanne ne, den muge apatha lawyer kaakka awidin daha athe diwrai mu poos petiyek wage ahinsakayek meka thanikara boruwak kiyala. Balamu Anduwei vipakshayei action eka.

  4. Felix says:

    This fellow can do those (what he told) as the main parties are afraid or want him for their winning. A doctor is another piece when we talk about power. Any Sinhal party leader is afraid or wants to keep him a friendly person. Don’t forget that though he is from Sajith SABAJA he and his party voted for recent Gamma’s no-confidence vote. All are one coin.

Main News