උල්කාපාත වැස්සේ උපරිම අවස්ථාව අද ශ්‍රී ලංකා අහසේ..
December 13, 2017 at 5:30 pm | lanka C news
මෙම දෙසැම්බර මාසයේ 04 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළ දිස්වන ‘ජෙමිනිඩ්’ උල්කා වර්ෂාවේ උච්චතම අවස්ථාව අද රාත්රියේදී ශ්‍රි ලංකාවට ඉතා හොඳින් දර්ශනය වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
පැහැදිලි අහසක් සහිත ස්ථානයකදී අද රාත්‍රී 9න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී අහස මුදුන දෙසත්, අළුයම් කාලයේදී නැගෙනහිර අහස දෙසත් බැලූවිට කඩා හැලෙන තරු මෙන් දිස්වන මෙම උල්කා වර්ෂාව අපට දැක ගත හැකියැයි හෙතෙම පැවැසීය.
උල්කා වර්ෂාවේ උපරිම ක්රියාකාරීත්වයක් ඇති විටදී සහ අහස මුදුනින් දිස්වුන විටදී මෙය හොදින්ම දැකබලාගත හැකි බැවින් උල්කා වර්ෂාව නැරඹීමට සුදුසුම වේලාව හෙට 14 දා අළුයම දෙකත් හතරත් අතර කාලය වෙයි.
පැයකට උල්කා එකසිය විස්සක් පමණ දිස් වනු ඇතැයි බලාපොරොත්තු වුණා අතර උල්කා වර්ෂාව පියවි ඇසෙන් මිස දුරේක්ෂ මගින් නැරඹීම නොකළ යුතු යැයිද චන්දන ජයරත්න මහතා පවසයි