උවමනා තීන්දුව නොදුන්නොත් දරු පවුල පිටින් මරණවා කිවුවා.. උසාවිය ගිනි තියනවා කිවුවා.. මහාධිකරණ විනිසුරු රන්ජන්ට විරුද්දව ලිඛිත පැමිණිලි කරයි…

January 18, 2020 at 9:20 am | lanka C news
උවමනා තීන්දුව නොදුන්නොත් දරු පවුල පිටින් මරණවා කිවුවා.. උසාවිය ගිනි තියනවා කිවුවා.. මහාධිකරණ විනිසුරු රන්ජන්ට විරුද්දව ලිඛිත පැමිණිලි කරයි…

තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙකු වූ රංජන් රාමනායක විසින් මරණ තර්ජනය කළ බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය 9 වන දින ඔහු විසින් මෙම පැමිණිල්ල යොමු කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ට විරුද්ධව අධිකරණයේ තිබූ කටයුතු වලදී දඬුවම් දීමට මෙසේ බලපෑම් කළ බවද ලිඛිත ප්‍රකාශයේ දැක්වෙයි.

එවකට තම දියණිය සහ පුත්‍රයා පාසැල් යන වයසේ සිටි බවත් ඔවුන්වද අනතුරකට පත් කරන බව රාමනායක රාජ්‍ය ඇමතිවරයා දන්වා තිබූ බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් තමන් 2015 ජූලි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිඛිත වාර්තා කළ බවත් එවකට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් මෙම ලිඛිත පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එක් අවස්ථාවක තමන් ඉදිරියේ පැවැති නඩුවක් සම්බන්ධයෙන් අපේක්ෂා කරන අරමුණ ඉටු නොවේ නම් ජනතාව උසාවිය වටලා ගල් ගැසීමට ද ගිනි තැබීමට සූදානමක් පවතින බව රාමනායක හිටපු රාජ්‍ය ඇමතිවරයා තමාට දැන්වූ බවද විනිසුරුවරයා සඳහන් කර ඇත.

ඔහුගේ බලපෑම් වලට තමන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා එදින රන්ජන් රාමනායක විසින් තමන් පාර්ලිමේන්තුවේදී දැඩිව විවේචනය කළ බව පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වෙයි.

140 views

21 Comments to “උවමනා තීන්දුව නොදුන්නොත් දරු පවුල පිටින් මරණවා කිවුවා.. උසාවිය ගිනි තියනවා කිවුවා.. මහාධිකරණ විනිසුරු රන්ජන්ට විරුද්දව ලිඛිත පැමිණිලි කරයි…”

  1. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    ගිහාන් පිලපිටිය විනිසුරැවරයා රන්ජන්ගෙ තර්ජන ගැන අධිකරණ කොමිෂන් සභාවට සහ පොලීසියට පැමිණිළි කර තිබියදීත් එම ආයතන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නොගැනීම ගැන වහාම සොයාබැලිය යුතුයි.
    මෙය සියළුම විනිසුරුවන් බියවද්දා අධිකරණයට බලපෑමිකිරීමට කරන කුමන්ත්‍රණයක්. ඊර්ෂ්‍යා සහගත අධිකරණ ක්ෂේත්‍රයේම පිරිස් කරන මඩගැසීමි පිළිකුළෙන් හෙලාදැකිය යුතුයි.

  2. Namal says:

    Onna gihan api oya kiyanna hadana de piligatgtha.

  3. Alapaluwa says:

    මහහෙස්ට්‍ර්ත්තුමා දැන් නිකම් බාබා පාට් දාන්න හදන්න එපා ගොන්ජා අසුවුයේ නැතිනම් ඔය බයිලා මුකුත් නෑනේද? අපි දැක්ක තිබුණු කථාවේදී කොතරම් මිත්‍රවාදිවද කථා කළේ කියා .එමනිසා ලැබෙන දඩුවම ඔයාටත් එකම වියයුතුයි. අනෙක CID එකට කටඋත්තරයක් නොදිසිටීම ඔබ දෙපොලම කරතිබෙන්නේ ඉතාමත් වැරැද්දක් එය අපි ඔබට අමුතුවෙන් කිවීමට අවශ්‍ය නැත.මොකද නිතිය අන්තිම තිතට දන්නා ඔබ දේපොළට .

  4. Gotaimbara says:

    Action must be taken against Independent Judiciary Commission and Ilangakoon. If this 2015 complaint was investigated, Yahapalanaya could have brought some independence to Judiciary. I am not blaming Ranjan alone, he did this unbelievable dirty work with the blessings of Ranil and Ranil in turn had the blessings of the International community (incl: USA, CIA, the EU).

    Sirisena is also in the game as he was so adamant in bringing the death penalty. How if innocent people were killed due to willful and wrong convictions. All these idiots, including Thalatha, Wijedasa should leave politics for ever.

  5. Love nature says:

    “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!”

  6. samantha says:

    ඔගහු මේ බලපෑම ගැන අධිකරණ සේවා කොමිශන් සභාවට දැනුම් දුන්නත් කොමිසම කිසිම පියවරක් අරගෙන නෑ. ඒක පැහැදිලියි. අනිත් අතට එයා රන්ජාගෙන් බේරෙන්න එහෙම කිව්වට ඒ කියපු ආකාරයේ තීන්දු දුන්නෙ නෑ. හැමෝම දූශිතයි කියන මතයට රට ගේන එක තමා මේකෙ අරමුණ. එතකොට දෙමළ මානව හිමිකම් ප්‍රශ්නයෙදි විදේශීය විනිසුරන් ගෙන්වීම තමා මේකෙ යටි අදහස.

  7. Upul says:

    These types of third grade judges should be kicked out from the SL judiciary. After getting caught for doing illegal things, at least, he should have the decency to admit it without giving BS excuses.

    • මධුමාධව අරවිද්ද says:

      මෙිරටෙි මොන විනිශ්චයකාරයටද දේශපාලකයින් කතාකරල නැත්තෙ? ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය එලවපු හැටි අමතකද? ඊවා වනසුන්දර සුප්‍රීමි උසාවියට පත්කළ හැටි අමතකද?
      ඒවට නිහඬව කට වහගෙන හිටි ඔබ නටන නාඩගම කුමක්ද?

  8. යහපාලන මර උගුල says:

    Gihan pilapitiya ))) Ranjan )))) Rajitha, champika )))) RANIL😂

Main News