උවිදු විජේවීර ගැන බලගතු කතාබහක්.. ඒඩ්ස් රෝගයට පෙන්වා දුන් විසදුමට පලමු තැන..

October 3, 2019 at 3:50 pm | lanka C news
උවිදු විජේවීර ගැන බලගතු කතාබහක්.. ඒඩ්ස් රෝගයට පෙන්වා දුන් විසදුමට පලමු තැන..

අපේ දරුවන් සිහින දකින්නේ මේ පොළොව අතහැර ‘සුපිරි රටකට’ යාමට බවත් ඊට හේතුව අද වන විට ඔවුන්ගේ සිහින පැළවෙන පොළොවක් ඔවුන්ට අහිමි වී ඇති නිසා බවත් පෙන්වා දෙන විමල් වීරවංශ මහතා, දරුවන්ගේ සිහින පැළවෙන පොළොවක් බවට මේ පොළොව පත් කළ යුතු බවත් එය කළ හැක්කේ නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කළ හැකි, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැකි ගෝඨාභය රාජපක්ෂයන් වැනි නායකයකුට පමණක් බවත් පෙන්වා දුන්නේය.

කොටිකාවත්තේ ස.ණ.ස ශාලාවේ පැවැති ‘පෑලවිය 2019 : ජේ්‍යෂ්ඨ පුරවැසි සැමරුමට’ එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘තරඟකාරීත්වය සුසර කිරීම’

“ලෝකයේ බලවත් රාජ්‍යයන් අද සෘජු ආක්‍රමණයන් සිදු නොකළත් සම්පත් බහුල, පිහිටීමේ වැදගත්කමින් යුත් රාජ්‍යයන් තම ගොදුරු බවට පත්කර ගැනීමේ විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඉන් එකක් තමයි එවැනි රටවල සමාජයෙහි සුවිශේෂීතා, විශේෂයෙන් සංස්කෘතික හර පද්ධතීන්වල සුවිශේෂීතා හඳුනා ගනිමින් ඒවා බිඳ දැමීමට කටයුතු කිරීම. එහිදී එම රටවල සමාජයෙහි අද දවසේ මතුව ඇති නරක ප්‍රවණතාවන් යොදා ගන්නවා. ඔබ හැමදෙනාම දන්නවා, අද අපේ සමාජය තුළ විශාල තරගකාරීත්වයක් තිබෙන බව. මෙවැනි තත්ත්වයක් තුළ බලවත් රාජ්‍යයන් සිදු කරන්නේ එකී තරගකාරීත්වය ‘සුසර’ කිරීම. එහි ප්‍රතිඵලයක් වන්නේ අප වැනි සමාජයන්හි සංස්කෘතික හර පද්ධතීන් බිඳ වැටී ‘හිත්පිත්’ නැති සමාජයක් බිහි වීමයි. එවැනි සමාජයක වෙසෙන ජනතාව බලවත් රාජ්‍යයන්ට තමන්ගේ ගොදුරු බවට පත්කර ගැනීමට පහසුයි.

‘500 වසරක් සුද්දන්ගෙන් රැකගත් උරුමය’

අප සමාජය පවතින්නේ ථේරවාදී බුදුදහම මත ගොඩනැගුණු මහා සංස්කෘතියක් පදනම් කරගෙනයි. මේ බලගතු රාජ්‍යයන්ගෙන් හා අප වැනි රටවල සිටින ඔවුන්ගේ දේශීය කුලී සේනාංක වෙතින් සෘජුවත් වක්‍රවත් එම මහා සංස්කෘතික මූලයන්ට පහර එල්ල වෙමින් තිබෙනවා. මේ සංස්කෘතික මූලයන් නිසා තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ට අපේ සමාජය කණපිට හැරවීමට බැරිවුණේ. ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන්ට වසර විස්සක් තුළ ලතින් ඇමරිකාව සංස්කෘතිකමය වශයෙන් තම ග්‍රහණයට ගත හැකි වුණා. ස්පාඤ්ඤ භාෂාව කතා කරන, කිතුදහම අදහන පිරිසක් බවට ලතින් ඇමරිකානුවන් පත්තු වුණා. නමුත් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත්විජිතවාදීන්ට අපේ සංස්කෘතික උරුමයන් බිඳ දැමීමට නොහැකි වුණා. අවුරුදු 500 තිස්සේ ඔවුන් උත්සාහ කළේ මේ ථේරවාදී බුදුදහම මත ගොඩනැගුණු අපේ මහා සංස්කෘතික උරුමය වනසා දමන්නයි. ඔවුන්ගේ ආගම සහිත සංස්කෘතික අනන්‍යතාව අපේ සමාජය තුළ පැළ කරන්නයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. එදා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සොයා බැලුවා මීට හේතුව කුමක්ද, කියලා. ‘කහකඩ හමුදාව’ නිසා මේ ජන සමාජය තමන්ට වුවමනා ආකාරයට මෙහෙයවා ගන්න බැහැ, කියා පසුව ඔවුන් එංගලන්තයේ සිටි සුදු අධිරාජ්‍යවාදීන්ටත් දන්වා යැව්වා. ‘කහකඩ හමුදාව’ ලෙස එදා හෙන්රි බවුන්ග්රිග් ආණ්ඩුකාරයා විසින් හැඳින්වූයේ අපේ මහා සංඝරත්නයි. මහා සංඝරත්නය ථේරවාදී බුදුදහම මුල් කොටගත් සංස්කෘතික හර පද්ධතීන් රැක ගැනීමට එදා නායකත්වය දුන්නා.

‘බෝධිය සෙවණේ රැකවරණය’

සුද්දන් අද අපට සංහිඳියාව ගැන කියා දීමට හදනවා. ථේරවාදී බුදුදහම මත ගොඩනැගුණු අපේ මහා සංස්කෘතිය ‘මහා බෝධි වෘක්ෂයක්’ වගේ. ඒ බෝධිය සෙවණේ දෙමළ, මුස්ලිම් ඇතුළු සුළු ජාතික පිරිස්වල සංස්කෘතික අනන්‍යතාවන් හොඳින් රැකුණා. එදා පෘතුගීසි යුගයේ කිතුදහම වැළඳගත් පිරිස්වලට ලන්දේසි පාලකයන් දේව මෙහෙයන්වල යෙදීමට ඉඩ දුන්නේ නැහැ. එවිට ඒ පිරිසට පන්සලේ දොරටුව විවර වුණා. එමෙන්ම ඉංග්‍රීසි පාලන සමයේ ඉස්ලාම් භක්තිකයන්ට යාඥාවන් කිරීමට තහංචි දමන විට ද පන්සලේ දොරටුව විවර වුණා. එමෙන්ම මේ බෝධිය සෙවණේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් බෞද්ධ, කිතුණු, ඉස්ලාම් ආගම් අදහමින් සැබෑ සංහිදියාවේ අරුත වටහාගෙන ජීවත් වුණා. අද අපට සුද්දා සංහිඳියාව ගැන කියා දීමට හදනවා. ඉංග්‍රීසීන් එදා ස්වදේශික ජනයාගේ ගෙල මතට කඩුව එල්ල කරමින් තමයි ඔවුන්ගේ ආගම බලහත්කාරීව පතුරුවා හැරීමට උත්සාහ කළේ. සැබෑ සංහිඳියාව මේ උතුම් බෝධිය සෙවණේ සැමදා තිබුණා. ඒ නිසා භූගෝලීය බෙදුම්වාදයට හෝ සමාජ බෙදුම්වාදයට අපේ සමාජය තුළ ඉඩ තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළයි මේ බලවත් රාජ්‍යයන් බෙදුම්වාදී ත්‍රස්තවාදයක් අප රට තුළ නිර්මාණය කරවූයේ. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය වගේම අද වහාබ් අන්තවාදය හා බැඳුණු සහරාන්ලාගේ ත්‍රස්තවාදයත් මේ බටහිර බලවතුන්ගේ උපායමාර්ගික මැදිහත්වීම තුළ සිදු වූ ඒවායි.

අද මේ වැඩිහිටි දිනයේ ‘පෑලවිය 2019: ජේ්‍යෂ්ඨ පුරවැසි සැමරුමට’ එක්ව සිටින ඔබ සැමට වගේම මේ මහා සංස්කෘතික හර පද්ධතිය හා බැඳුණු වැඩිහිටි පරපුරට විශාල වගකීමක් තිබෙනවා. මේ මව් පොළොවේ ආරක්ෂාව පවතින්නේ අපේ සංස්කෘතික හර පද්ධතිය රැක ගත්තොත් පමණයි. මේ මව් පොළොව තමන්ගේ ග්‍රහණයට ගැනීමට සැරසෙන ඕනෑම සතුරකු පහර ගසන්නේ අපේ මේ ථේරවාදී බුදු දහම මත ගොඩනැගුණු සංස්කෘතික හර පද්ධතියටයි. ඒ නිසා අපේ වගකීම වන්නේ අනාගත පරපුර මේ මහා සංස්කෘතික මූලයන් තුළ රඳවා ගැනීමයි. ඔවුන්ට එම හර පද්ධතීන්වල වටිනාකම් කියා දීමයි. එහෙම වුවහොත් පමණයි මේ උසස් මනසින් යුත් අපේ සමාජය හෙට දවසේ රැකෙන්නේ. දරුවන්ට දේපළ, ඉඩකඩම් වැනි ධනය රැස් කර දෙනවා වගේම ඔවුන්ට අපි සංස්කෘතික හර පද්ධතීන්වල වටිනාකම කියා දිය යුතුයි. අපේ අනාගත පරපුර අනාගමික පිස්සන් පිරිසක් බවට පත් වුවහොත් ඒ අනාගමික පිස්සන්ට රට ගැන කිසිඳු හැඟීමක් ඇති වන්නේ නැහැ. ඔවුනට රට කාට ගියත් කමක් නැහැ. අපේ වගකීම වන්නේ රටත්, ජාතියත් පිළිබඳ හැඟීමකින් යුතුව සකල ශ්‍රී ලාංකාවාසීන් සැබෑ මිත්‍රත්වයකින් බැඳෙන අනාගතයක් මතු පරපුරට උරුම කර දීමයි.

‘දෙමව්පිය දූ දරු සබඳතාව’

අපේ සංස්කෘතික හර පද්ධතිය තුළ තිබෙන ඉතා වැදගත් වටිනාකමක් තමයි ‘දෙමව්පිය දූ දරු සබඳතාව’. අපේ සංස්කෘතිය තුළ දෙමව්පිය දූ දරු සබඳතාව ඉතා ශක්තිමත්ව ගොඩනැඟෙනවා. එතැන තමයි අපි රැකෙන තැන. දෙමව්පියන් කිසිදු හේතුවක් නිසා එම සබඳතාව ගිලිහී යාමට ඉඩ නොදිය යුතුයි. දෙමව්පිය – දූ දරු සබඳතාව ශක්තිමත් වීම තුළ දෙමව්පියන්ට පුළුවන් තවදුරටත් මේ අපේ ථේරවාදී බුදුදහම මත ගොඩනැගුණු සංස්කෘතියෙහි අඩංගු වටිනාකම් දරුවන්ට කියා දෙන්න. එය මැනැවින් වටහා ගත් දරුවන් නිසා මේ උසස් මනසින් යුත් සමාජය වැඩිදුරටත් ශක්තිමත් වෙනවා. මේ තමයි දරුවකුට උරුමයන් රැකගෙන නිසි මඟ යාමට ‘අත්තිවාරම’ වැටෙන තැන. දෙමව්පියන් නිසි පරිදි ඒ අත්තිවාරම දැමිය යුතුයි. එසේ වුවහොත් පමණයි අපි අපේ සංස්කෘතික හරපද්ධතීන් රැකගත් ජාතියක් ලෙස රැකෙන්නේ. එයයි අපි රැකෙන තැන.

‘උවිඳු විජේවීර ගැන බලගතු කතාවක්’

රෝහණ විජේවීර සහෝදරයාගේ පුතු උවිඳු විජේවීර පිළිබඳව මෙහිදී මගේ මතකයට එනවා. ඔහු දැන් රුසියාවේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි ශිෂ්‍යයකු ලෙසත් ශිෂ්‍ය නායකයකු ලෙසත් කටයුතු කරන බව ඔබ දන්නවා. පසුගිය දිනවල රුසියානු පර්යේෂකයන් පිරිසක් එහි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට අධ්‍යයන වාර්තාවන් සැකසීමට බාර දී තිබුණා. වෛද්‍ය ශිෂ්‍යයන් වැඩි දෙනකු මෙම අධ්‍යයන වාර්තා සැකසීමේ කටයුත්තට යොදාගෙන තිබුණත් උවිඳු විජේවීර ශිෂ්‍යයාගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඔහුටත් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබී තිබුණා.

‘පළමුතැන’

එම අධ්‍යයනය වී තිබුණේ ‘ඒඞ්ස් රෝගයට විසඳුම කුමක්ද?’ යන්නයි. වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු බොහෝ පිරිසක් සිය අධ්‍යයන වාර්තාවන්හි අවධානය යොමු කර තිබුණේ ඖෂධ ආදී පිළියම් කෙරෙහියි, එනම් ප්‍රතිකාර විධි ක්‍රම පිළිබඳවයි. නමුත් උවිඳු විජේවීර සිය අවධානය යොමු කර තිබුණේ ‘රෝග නිවාරණය පිළිබඳවයි’. එනම් ඒඞ්ස් රෝගය වැළඳීමෙන් විශේෂයෙන් තරුණ පරපුර මුදවා ගැනීම පිළිබඳවයි. ඔහු එහිදී පෙන්වා දී තිබුණා, ‘ශ්‍රී ලංකාව තුළ ඒඞ්ස් රෝගය ව්‍යාප්ත වීම පහළ අගයක පැවතීමට ඒඞ්ස් මර්දන ව්‍යාපෘතියත් දායක වෙන්න ඇති. නමුත් ඊට බලපා ඇති සුවිශේෂී හේතුව තමයි ශ්‍රී ලංකාවේ ථේරවාදී බුදුදහම ඇසුරෙන් ගොඩනැගුණු සංස්කෘතිය ඇතුළේ දෙමව්පිය – දූ දරු සබඳතාව ඉතා ශක්තිමත්ව පැවතීම’ කියා. තරුණ දරුවන් ඒ නිසා අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වීම හෝ අපචාරයකට, අපහරණයට ලක්වීම අවම වන ආකාරයත් ඔහු මෙහිදී පෙන්වා දී තිබුණා. උවිඳුගේ අධ්‍යයන වර්තාවට පළමුතැන හිමි වී තිබුණා. මේ පිළිබඳව තවත් ශිෂ්‍ය පිරිසක් සමඟ වැඩිදුර අධ්‍යයනය කිරීමේ අවස්ථාව ද උවිඳු විජේවීරට හිමි වුණා. දෙමව්පිය – දූ දරු සබඳතාව ශක්තිමත්ව පැවතීම කියන්නේ අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ ගොඩනැඟුණු දෙයක්. උවිඳු විජේවීර නිවැරදිව එම හර පද්ධතීන් වටහාගෙන තිබුණා. ඔහුට අපි ඉහත කී ‘අත්තිවාරම’ නිසි ලෙස වැටී තිබුණා. මෙතැන තිබෙන්නේ බලවත් කතාවක්. නවීන විද්‍යාවට සියල්ලටම උත්තර නැහැ. නවීන විද්‍යාවට දෙන්න බැරි උත්තර තමයි අද උවිඳු විජේවීර දරුවා තම අධ්‍යයන වාර්තාවෙන් ලබා දුන්නේ.

‘සිහින පැළවෙන පොළොව’

ඇඳුමෙන්, ‘හෙයාකට් එකෙන්’ අපේ බොහෝ දරුවන් ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක්වල ජීවත් වන්නන් වගේ. ඔවුන්ගේ හීන පැළවෙන්නේ බොහෝවිට ලන්ඩන්, මෙල්බර්න්, සිඞ්නි, නිව්යෝර්ක් වැනි නගරවලයි. අපේ මේ දරුවන්ගේ හීන පැළ වන පොළොවක් බවට මේ පොළොව පත් කරන්න ඕනේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් ඇතුළු විද්වත් වෘත්තිකයන් විශාල පිරිසක් මේ පොළොවේ ඉපිද විදෙස්ගත සේවයේ යෙදී සිටිනවා. මේ පොළොවේ ඔවුන්ගේ සිහින පැළ වෙනවා නම් ඒ පිරිසත් මේ ‘ඉන්න හිතෙන රටට’ පැමිණේවි. ඊට නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරන නායකයකු, ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයකු මේ මව් පොළොව ඉල්ලා සිටිනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. 2015 ජනවාරි 08 ගත් වැරදි තීන්දුව නිසා 2019 අප්‍රේල් වන විට මේ රටේ මුළුමහත් ජනතාවම ගෘහස්ථ සිරකරුවන් පිරිසක් බවට පත්වූ බව ද අමතක කරන්න එපා. නිවැරදිම තීන්දුව ගන්න.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

98,453 Viewers

18 Comments to “උවිදු විජේවීර ගැන බලගතු කතාබහක්.. ඒඩ්ස් රෝගයට පෙන්වා දුන් විසදුමට පලමු තැන..”

  1. prabath says:

    Well done …….. Hamadama wage Harawath kathawak …….. Oba wani nayakayan ape ratat oni ugayai me…nathuwa katawath jumpar andana ,Boru dewal patalawala minissunwa nathi karana nayakayo nowei….

    • හැපින්න says:

      කරුමෙක මහත කියන්නෙ මෙතුමාගේ හරවත් දෙසුම් කැපුවත් කොල මීහරක් නිකමටවත් කියවා නොබැලීමයි. උන් උගුරට හොරා බෙහෙත් කනවා. ඇත්ත දන්නවා ඒත් පක්ශෙ ඊට වඩා ලොකුයි.

  2. Ravana Parapura says:

    ඇතැම් පෞරාණික ග්‍රන්ථඅපේ රාවණ රජ විසින් රචිත බවට සැලකේ. ඒ අතර පහත දැක්වෙන ආයුර්වේද ග්‍රන්ථ ද වේ. 01. කුමාර තන්ත්‍රය (ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට අවශ්‍ය බලවත් රෝග දහසක් සඳහා බෙහෙත් ඇතුලත්ය) 02. උද්දිසා තන්ත්‍රය (මෝහන ප්‍රතිකාර හා ගුප්ත විද්‍යා ප්‍රතිකාර) 03. නාඩි ප්‍රකාශය (නාඩි ශාස්ත්‍රය ඇසුරෙන් වන ප්‍රතිකාර) 04. අර්ක ප්‍රකාශය 05. රසරත්නාකාරය 06. වට්කා ප්‍රකරණය ඉහත “අර්ක ප්‍රකාශය” අවසන් වන්නේ “ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සීයක් මෙසේ අවසන් වෙයි” ලෙසයි. එමෙන්ම රාවණ රජගේ ගේ ප්‍රධානත්වයෙන් හිමාලයේ ආයුර්වේද සම්මන්ත්‍රණයක් පවත්වන ලද බවත්, ඔහු එහි වෛද්‍ය මණ්ඩලය හි ප්‍රධානියා වශයෙන් ද පත්ව සිටිබව සඳහන් වේ.

    • සීතා says:

      හැම ලබ්බටම රාවණ මගුලක් කතාකරනවා..
      මොන මගුලක්වත් නොකර ගෙදර අම්ම තාත්තාගේ සල්ලිවලින් ඩේටා කාඩ් දාගෙන වැල බල බල ඉන්න කාලකන්ණි තමයි රාවනෙක් ගැන කිය කියා මැරෙන්න හදන්නේ.. එක්කෝ මේරටේ රාවනෙක් ඉඳල නෑ එහෙම නැත්නම් තොපි උගේ පරම් පරාවේ උන් නෙමෙයි. ඔයකියන විදිහට රාවණාගේ පරම්පරාවේ උන් රටට ආදරයක් තියෙන්න එපැයි. ඕන බොරුවකට රැවටෙන බූරුවෝ රාවණාගේ වෙන්න බෑ.. ඉන්දියාවෙන් ආපු කල්ලතෝනින්ගේ පරම්පරාවේ වෙන්න ඕන.

    • පාවන රකයා says:

      ඉන්ඳියාවෙ ගඳ ගහන ලබු තාපසයෙක් ගහක් යට ඉඳලා ඉර එලිය තියන වෙලාවට විතරක් ලියපු පොතක තිබ්බ වචනයක් අල්ලාගන ඒකට මේ රටේ ඉතිහාසය ඈඳවලා කවුරුහරි හරකෙක් කීව පලියට, හැම රෙද්දකටම කොහෙවත් හිටපු නැති රාවණ පප්පෙක් ගහනවට වඩා, ඇත්ත ලෝකෙ තමන්ට වත් වැඩක් තියන දෙයක් ඉගෙනගන්ඩ බැලුවොත් නරකද​? රාවණා ගැන වෙන කොහෙවත් ලියලා නෑ, ඔය හඩු පොතේ විතරයි තියෙන්නෙ, ඒක කතන්ඳරයක්, ඉතිහාස පොතක් නෙවෙයි.

  3. අංකූරා says:

    විජේවීර සහෝදරයාට ආඩම්බරයක් වූ පුතෙක් !. වඩාත් සාර්ථක දැක්මක් !!. මේවා විමල් දැක්කට වෙනත් අයට අගේ නෑ !!!.

  4. crazy says:

    Wimal is a visionary..so true, we should not sit on buddhism instead try become practicing Buddhists.

  5. Sun says:

    Thank you and I appreciate the your thinking beyond the capitalist structure. Well done.

  6. Love nature says:

    ආයුර්වේදය යනු සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයකි. “ආයුෂ්’ යන්නෙන් දීර්ඝ ජීවිතය ද “වේදය’ යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ . මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය “ආයුර්වේදය’ ලෙසින් නම් කර ඇත

  7. ගරසරප says:

    ලන්ඩන් වල මෙල්බර්න් වල හීන පැල වෙන්නෙ නෑ. හීනවල ජීවත් වෙනවා විතරයි . හීන පැල වෙන්නෙ තමන්ගේ මවුබිමේ විතරයි කියල තේරුම් යන්නෙ එතනට ගියාට පස්සෙ. අපේ රටේ දේශපාලකයො 100% තමන්ගේ දරුවොන්ගෙ හීන පිටරට පටවන්න තමා ජරාව කන්නෙ, හම්බ කරන්නෙ . නමුත් ඒ හීන එහෙම වැලලෙන බව තේරුම් යනකොට එයාල ප්‍රමාද වැඩිය්.

  8. Aurora says:

    උවිඳු විජේවීර පුතාගේ සම්මුඛ සාකච්ජා මම youtube ඔස්සේ දැක අසා තිබෙනවා. ඔහු කොතරම් බුද්ධිමත්, දක්‍ෂ සහ නව මානයක සිතන්න පුළුවන් අයකුද යන්න එම සාකච්ජා පුරා පෙන්නුම් කළා. ඔහුගේ පියාගේ ජානමය බලපෑම මෙන්ම මවගේ සහ පාසැලෙන් ලැබුන මඟපෙන්වීම මෙවැනි අති දක්‍ෂ දරුවකු මෙලොවට ලැබීමට හේතුවන්න ඇති. 21 වන දශකයේ නව චින්තනයට මේ දරුවා නව ආලෝකයක් එක් කරනු ඇති. උවිඳු විජේවීර පුතා ඔබට සුභ අනාගතයක්!

  9. බේබි says:

    හරියටම හරි විමල් මහත්තයෝ ඔයාගේ කතාව.
    ඔයාගේ පුතත් හීන පැල කරන්නද රට ගියේ.
    ඇයි ගෝටාබය මහත්තයාගේ, මහින්ද මහත්තයාගේ, අමතක උනා සජිත් බේබි, ඇයි දහම් බේබි, ගම්මන්පිල උන්නැහේගේ ළමයි, ඉතුරු හරියට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ළමයි
    මේ නිකමට ඇහුවේ.

    • අංකූරා says:

      🌞 ඉර පෙන්නපුවාම දැක්කෙ ඇඟිල්ල නේ ? .

  10. අඨෝ මුඛය says:

    අඨිරාඡ්‍යවාදී ඈමරිකාවට ලංකාව පාවාඳී සරණාගතයෙක් වශයෙන් එරට පුරවැසිභාවය අත්කරගත් ඡාතී ප්‍රේමියට මූ ඡන්දේ දාන්න කියල මිනිස්සුනට කියන්නේ කටෙන් රෙන ගමන්ද? කට හේදුවත් මේකගේ ගඳ නම් යවන්න බැහැ… තූං කාලකන්නි ගූ හැත්ත

    • විමල්ගෙ කතාවෙ ලෝකය දකින්න, අත්දැකීම් ලබන්න කිසි තහංචියක් පනවල නැහැ..උවිදු ඉගෙනගන්නෙත් රුසියාවෙ. හැබැයි උවිදු ලාංකිකයෙක් හැටියට සිය ළමා කාලයේදී සිය අභ්‍යන්තරය ඇතුල් කරගත් සිංහල බෞද්ධ සංස්ක්ෘතික හර පද්ධතිය ඔහු ලෝකෙ එහා කොනේ රුසියාවෙ ජීවත් උනත් නැති වෙලා නැහැ. ඔහු අගය කරල ලෝකයට එලි දක්වල බබලවල, ඒ රටවල උගතුන්ගෙ අගය කිරීමට ලක් කරවල තියෙන්නෙ ඒ හර පද්ධතිය.
      මිනිහෙකුට තවත් රටකට ගිහිං ඒ රට වල අත් දැකීම් ලබන්න උත්සාහයක්, වාසනාවක් ඕනැ. ඒ දෙකම නැති මෝඩ රැළක් අර කිව්ව විදියට හීන ලෝක වල ජීවත් වෙමින් තමන්ගෙ මව් රටේ උරුමය, හර පද්ධතිය බල්ලට දාල තමන්ගෙ අනාගතයත් රටේ අනාගතයත් විනාශකර ගැනීම දුක හිතෙන සිද්ධියක් බවයි විමල් කියා තියෙන්නෙ. මෙන්න මේ කන්ඩායමට මේ රටේ වටිනාකම, මේ සංස්ක්ෘතියේ වටිනාකම වටහල දීල මේ රටේ දියුනුවට යොදාගන්න ඕනැ කියලයි කියල තියෙන්නෙ. මෙන්න මේ අවබෝධය නැතිව මේ අය ආන්ඩුවෙ වියදමින් රට පැටෙව්වත්, ඒ ගිය තැන සංක්ෘතික අනාථයො පිරිසක් බවට පත් වෙනව මිස වැඩදායක පුරවැසියන් වෙන්නෙ නැහැ.
      හැබැයි තමන්ගෙ රට, ජාතිය, සංස්ක්ෘතිය ගැන ආඩම්බරයක් ඇතුව රට ගිය පිරිස ලෝකෙ කොහේ හිටියත් තමන්ගෙ රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනව. ගෝටත් ඒ වගේ කෙනෙක්. පිට රට ගියා. ඒක වරදක් කියන්නෙ ඉන්දියාවටවත් යාගන්න බැරි ඉරිසියාකාර කුහක රැළක්. රට ගියාට අවශ්‍ය වෙලාවට ඇවිත් රට ජාතිය කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගත්තා. ඒ නිදහස හැම පුරවැසියම අත් විදිනව. හැබැයි අසත්පුරුෂයාට ගුණමකු කම ඇගේම කොටසක්. ඔහුට ක්ෘතවේදීත්වය පිහිටන්නෙ නැහැ.
      පිට රට යන්න. ඉගෙන ගන්න. රැකියා කරන්න. විදේශ විනිමය එවන්න. මේ පුංචි රට, ජාතිය, ආගම, සංස්ක්ෘතිය ලොව බබලවන්න. එයයි වැදගත්.
      ඉන්නෙ කොහෙද, පුරවැසි බව මොකක්ද කියන එක නෙවෙයි.

  11. Mabola Milton says:

    JVP leader and their children are political Terrorist?

    Is that JVP take an accountability of 1971 April killed 15,000 of youth and 1988/89/90 that killed 70,000 of young Sri Lakan by JVP leader of Wijiweera ?
    How can that be JVP was good Party of Sri Lanka!@

  12. Saman says:

    Prabhakaranage lamayawa biscuit kawala barala damme nathnam me wage wenna thibba

Main News