උෂ්නත්වය 37c° මට්ටමේ.. තව අංශක තුනකින් අනතුරේ..

April 30, 2017 at 12:40 pm | lanka C news
උෂ්නත්වය 37c° මට්ටමේ.. තව අංශක තුනකින් අනතුරේ..

රට පුරා ඇති වී තිබෙන දැඩි වියළි කාලගුණයක් සමග සියළුම දිස්ත‍්‍රික්කවල පාහේ උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇත.

මේ වන විට අනුරාධපුර හා පොලොන්නරු දිස්ත‍්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මට්ටමට පැමිණ තිබේ.

වෙනදා සෙල්සියස් අංශක 17-30 මට්ටමේ තිබූ නුවර එළිය දිස්ත‍්‍රික්කයේ උෂ්නත්වයද අද ඇත්තේ අංශක 24 සීමාවේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවුවහොත් එය අනතුරුදායක තත්වයක් වනු ඇති බවයි.

580 views
Main News