උසම කන්ද කලුගල් ව්‍යාපාරිකයින්ගෙන් විනාශයි.. අවට පුරාවිද්‍යා ස්ථානවලටත් දැඩි බලපෑම්..

July 19, 2019 at 8:02 am | lanka C news
උසම කන්ද කලුගල් ව්‍යාපාරිකයින්ගෙන් විනාශයි.. අවට පුරාවිද්‍යා ස්ථානවලටත් දැඩි බලපෑම්..

මුලතිව් ඔඩ්ඩුසුඩාන්හි පිහිටි වාවෙඩ්ඩි කන්දේ සිදු කරන කලුගල් කැනීම් හේතුවෙන් අවට හින්දු ජනතාවගේ පුරා විද්‍යා ස්ථාන මේනම සංස්කෘතියද විනාශ වීමේ දැඩි අවධානමක් පවතින බවට ඔඩ්ඩුසුඩාන් වැසියන් කියා සිටිති.

වසර 1800 කටත් එහා අතීතයක් ඇති වාවෙඩ්ඩි කන්ද මුලතිව්හි උසම කන්ද වශයෙන් සැලකුනද එය පසුගිය වසර 10 ක් පුරාවටම මේ දක්වා දකුණේ පෞද්ගලික ආයතන දෙකක් විසින් බලපත්‍ර ගෙන කලු ගල් කැඩීමේ ව්‍යාපාරයක් නිරත වන අතර එහෙයින් වාවෙඩ්ඩි කන්දට මීටර් 200 ක් පමණ ආසන්නයේ පිහිටි වාවෙඩ්ඩි ඊශ්වරා හින්දු කෝවිලේ පුරා විද්‍යා ස්ථානද විනාශ වීමේ අවධානමක් පවතින බවට අසල්වැසි හින්දු භක්තිකයින් පවසති.

දිනකට කලුගල් ටිපර් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන වාවෙඩ්ඩි කන්දේ පෞරාණික උරුමය විනාශ වන අතරම අසල්වැසි ජනතාවටද ඉන් දැඩි බලපෑමක් සිදුව ඇත.

මේ අතර ප්‍රදේශවාසී හින්දු බැතිමතුන් පිරිසක් වාවවෙඩ්ඩි ඊශ්වරා කෝවිලේ පුරාවිද්‍යා ස්ථාන පිහිටි භූමියේ දේව මෙහෙයක් සිදු කරමින් දෙවියන්ට කන්නලව් කොට කියා සිටියේ මෙම දේව භූමිය ආරක්ෂා කර දෙන ලෙසටය.

එමෙන්ම පුරා විද්‍යා සාධක ඇති බවට එම දෙපාර්තමේන්තු නිලධාරීන්ටද සාක්ෂි තිබියදී මෙවැනි කලුගල් ව්‍යාපාරයන් සඳහා අවසරය ලබා දීම දැඩි අසාධාරණයක් බවටත් වහාම මෙම කලු ගල් ව්‍යාපෘතිය නවතා දෙමළ ජනතාවගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජයේ බලධාරීන් වහාම පියවර ගත යුතු බවටද ප්‍රදේශවාසී ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,280 Viewers

3 Comments to “උසම කන්ද කලුගල් ව්‍යාපාරිකයින්ගෙන් විනාශයි.. අවට පුරාවිද්‍යා ස්ථානවලටත් දැඩි බලපෑම්..”

  1. SL says:

    මේ වගේ ගස් තියෙන කඳු විනාශ කරලා නටනවා වතුර නැහැ කියල.දකුණේ බොහොමයක් කඳු සමතලා කරලා ඉවරයි. පරිසර අමාත්‍යංශයේ ඉන්න කාලකන්නි මේවා බලන්නේ නැහැ.

  2. sw says:

    යහපාලනය නිසා රටම විනාශයි .ඉතින් කදු ඉතුරු වේවිද ?

  3. Gonsun says:

    Kanda Udin Handa besayai kiyala
    Rupiyala yai pallam besa hedila
    Danna rajo dannawa mehi leela
    Welandapole kotas gani sadeela.

Main News