උසස්පෙල සිසුවෙකු බස් රථයක ගැටී මරුට….

January 31, 2020 at 2:06 am | lanka C news
උසස්පෙල සිසුවෙකු බස් රථයක ගැටී මරුට….

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී එ-9 ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් ධාවනය කරමින් සිටි උසස්පෙළ සිසිවෙකු ලංගම බස් රථයක ගැටී (29) රාත්‍රියේ මිය ගොස් ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

ඕමන්ත විලක්කුවයිත්ත කුලම් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති ඇත මිය ගිය සිසුවා උපකාරක පන්තියකට ගොස් ආපසු නිවසට එමින් සිටියදී යාපනයේ සිට වව්නියාවට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පවසයි.

මිය ගිය සිසුවා ඕමන්ත මධ්‍යමහා විදුහලේ උසස්පෙළ හදාරන 19 හැවිරිදි එස්.බානුජන් නැමති ශිෂ්‍යකු බව හඳුනාගෙන ඇති අතර අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගොස් ඇත.

අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර බස්රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන අනතුර සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ සිදු කරන බවටද ඕමන්ත පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,319 Viewers
Main News