උසස්පෙළ සිසුවෙකු ගෙලවැලලාගෙන සියදිවි හානි කරගනී…

April 19, 2019 at 2:06 am | lanka C news
උසස්පෙළ සිසුවෙකු ගෙලවැලලාගෙන සියදිවි හානි කරගනී…

වව්නියාව බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි උසස්පෙළ ඉගෙනුම ලබන සිසුවෙකු සිය නිවසේදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළ සිරුර හමු වූ බවට වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව දෙමළ මහාවිද්‍යාලයේ උසස්පෙළ ඉගෙනුම ලබමින් සිටි රවින්ද්‍රන් දුෂීතන් නැමති මෙම සිසුවා ගෙල වැලලාගැනීමට හේතුව තමන් නොදන්නා බවටත් එසේ සිය දිවි හානි කරගැනීමට තරම් හේතුවක් නොතිබුනු බවට සිසුවාගේ පියා පොලීසියට පවසා ඇත.

පියා සහ මව නගරයේ වෙළඳසැලකට යාමෙන් පසුව මෙම සිසුවා ගෙල වැලලාගෙන ඇති අතර ආපසු නිවසට පැමිණි දෙමාපියන් සිසුවාගේ කාමරයේ දොරලුලා තිබීම හේතුවෙන් පුතා වෙනත් ගමනක් ගොස් ඇති බවට සැක කොට ඇති අතර පසුව දිගු වෙලාවකින් පුතු නිවසට නොපැමිණීම නිසා ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදී ජංගම දුරකතනය නාදය කාමරය තුලින් ඇසීම නිසා දෙමාපියන් කාමරයේ ජනේලය ඇර බැලීමේදී තම පුතු කාමරයේ බාල්කයක එල්ලී සිටිනු දැකීමෙන් ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

පසුව වව්නියාව පොලීසිය එම ස්ථානයට පැමිණ මළ සිරුර රැගෙන වව්නියාව මහරෝහලට ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,537 Viewers
Main News