උසස් පෙල ලියන සිසුන් 05කට කොරෝනා..

October 19, 2020 at 3:00 pm | lanka C news
උසස් පෙල ලියන සිසුන් 05කට කොරෝනා..

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඔවුන් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථාන තුනක දී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ය.

ඉන් සිසුන් දෙදෙනකු පමණක් නිරෝධායන කාමර වල විභාගයට පෙනී සිටි අය වන අතර අනෙක් සිසුන් තිදෙනා කරුණු වසන් කර සාමාන්‍ය ලෙස දින කිහිපයක් විභාගයට පෙනී සිට තිබේ.

මේ හේතුවෙන් මෙම සියලු සිසුන් කොළඹ අයි ඩී එච් රෝහලට මාරුකර යවා ඇති අතර විභාගයේ ඉතුරු කොටස්වලට එහිදී පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබේ.

ඔවුන් සමග ගැටුන සියලු ආශ්‍රිතයන්ට නිරෝධායනය සහ අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

29,080 views

6 Comments to “උසස් පෙල ලියන සිසුන් 05කට කොරෝනා..”

  1. sand man says:

    ඉන් සිසුන් දෙදෙනකු පමණක් නිරෝධායන කාමර වල විභාගයට පෙනී සිටි අය වන අතර අනෙක් සිසුන් තිදෙනා කරුණු වසන් කර සාමාන්‍ය ලෙස දින කිහිපයක් විභාගයට පෙනී සිට තිබේ. exams department should cancel there results if they do like this for putting other peoples life aswell

  2. නාරද says:

    කරුණ වසන් කර, අයියෝ. මේ අයගේ ඉගෙනීමෙන් පලක් තිබේද? මුලින්ම හොර කමෙන් පටන් ගන්න එකා කොච්චර ඉහලට ගියත් හොරාම තමයි. ඇයි අම්මා තාත්තාලා නැද්ද මේ අයට, අනිත් අයගේ දරුවෝ දරුවෝ නෙවෙයිද? දඩුවම් කල යුතුයි. නැත්නම් සමාජය කවදාවත් හදන්න බැහැ

  3. Sirimal says:

    Minuwangoda people are lunatics like their Member of Parliament. They are hiding their symptoms of corona and spreading it among others.

  4. Sri jayasinghe says:

    A/L කියන්නේ විහිළුවක් නෙවෙයි. ළමයින්ගේ ජීවීතේ ලොකු කඩඉමක්. ලෙඩ වෙලා අපහසුතා මැද්දේ exam එකක් කරන එක ලොකු අපහසුතාවයක්. චුට්ටක් හිතලා බලන්න වටිනවා රජයට මේ ගැන. මේ ළමයි මානසිකව කොයි තරම් වැටිලා ඇත්ද? අපිට හෙම්බිරිස්සාවක් හැදුනත් සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන්න අමාරුයි. ඇයි මේ දේවල් සැහැල්ලුවට ගන්නේ. ඒ දරුවො විතරක් නෙවෙයි දෙමව්පියොත් ලොකු ආතතියක ඇත්තේ.

  5. මෙත්තා says:

    මේ ලමයින්ගේ මානසික තත්වය ගැන හරිම කනගාටුයි. අවුරුදු කිහිපයක් විවෙකයක් නැතුව පාඩම් කරලා අමතර පංති ගානේ රස්තියාදු වෙලා මෙහෙමත් දේකට මුහුන දෙන්න වුන එක ලොකු කර්මයක්. කොහොමද සිහියකින් ලියන්නේ? හිතා ගන්නවත් බැහැ.,දෙමව්පියන් ඉන්නෙත් පුදුම පීඩනයකින්. ඉගෙනගත්තත් අනාගතයක් නැති රටේ. කුඩු මුදලාලිලා රජකරන රටේ. කරුනාවන්ත වෙන්න දෙමව්පියන් ප්‍රතිපල කුමක් උනත්. අහිංසක අපේම දරුවො මේ. සියලු දෙනා සුවපත් වේවා. මානසික සුවයම ලැබේවා.

Main News