උසස් පෙල විභාගයට සැරසෙන සිසුනට බාධා..

July 27, 2019 at 8:02 am | lanka C news
උසස් පෙල විභාගයට සැරසෙන සිසුනට බාධා..

අපොස උසස්පෙළ විභාගය ස`දහා ඉගෙනුම ලබන සිසුන්ට බාධා වන අයුරින් උත්සව හා විවිධ අවස්ථාවල ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කෙරෙන බවට නිරීක්‍ෂණය වී ඇත.

සිසුන් මෙන් ම දෙමාපියන් ද මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර සිටින අතර උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් සිසුන්ගේ යහපත උදෙසා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතය නියාමනය කරන ලෙස උත්සව සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එලෙස බාධා ඇති වන අයුරින් ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති, උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහේ රජයේ නියෝජිතයින්ට හා පළාත් පාලන කොමසාරිස් වෙත උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් නියෝගයක් නිකුත් කර ඇත.

මේ වසරේ උසස්පෙළ විභාගය අගෝස්තු 05 වනදා සිට අගෝස්තු 31 වන දා දක්වා පැවැත්වේ. මෙවර උතුරු පළාතේ පාසල් අපේක්‍ෂකයින් පහළොස්දහස් දෙසිය දහතුනක් (15,213) ක් සහ පෞද්ගලික අපේක්‍ෂකයින් තුන්දහස් අටසිය පනස් හතක් (3,857) ක් විභාගය ස`දහා පෙනී සිටීමට නියමිත අතර උතුරු පළාතේ විභාග මධ්‍යස්ථාන දෙසිය දාහතක (217)ක දී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

– උතුරු පළාත් මාධ්‍ය ඒකකය

34 views
Main News