උසස් බලු පැටවුන් කියා අයාලේ ගිය බලු පැටවුන් ලක්‍ෂ එක හමාරකට විකුණලා.. පොලිසි යයි..

December 14, 2020 at 2:28 am | lanka C news
උසස් බලු පැටවුන් කියා අයාලේ ගිය බලු පැටවුන් ලක්‍ෂ එක හමාරකට විකුණලා.. පොලිසි යයි..

බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු රැපියල් 154,000 ට සුරතල් බලු පැටවුන් හතර දෙනෙකු යැයි කියා අයාලේ යන බලු පැටවුන් හතර දෙනෙකු විකුණා ඇති බවට බලන්ගොඩ පොලිස් ස්ථානයට අද සවස (13) දා පැමිණිල්ලක් ලැබි තිබෙි.

තමන් විසින් එම බලු පැටවුන් මිලදී ගෙන රැගෙන ගිය බවත් පසුව පරික්ෂා කර බැලිමෙිදි එම බලුපැටවුන් නිවෙස් වල සුරතලේට ඇති කරන බලු පැටවුන් නොවන බවත් මෙිි හේතුවෙන් බලු පැටවුන් විකුණු පුද්ගලයා තමන්ට වංචාවක් කල බවද පවසා මාතර කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බලන්ගොඩ පොලිස් ස්ථානයට මෙලෙස පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි.

ඉතාමත් උසස් තත්ත්වයේ (shihtzu) නැමැති බලු පැටවුන් බව පවසා තමන්ට රැපියල් එක්ලක්ෂ පනස් හතරදහසකට එම බලු පැටවුන් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පුද්ගලයකු විසින් විකුණු බවත් ඔවුන් රැගෙන ගොස් මාතර ප්‍රදේශයේ පශු වෛද්‍ය වරයෙකුට පෙන්වු පසු එම බලු පැටවුන් එම වර්ගයේ නොවන බවත් අයාලේ යන බලු පැටවුන් තමන්ට අලෙවි කල බවද පවසා මොහු විසින් පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැවැසීය.

මෙිි සමිබන්දයෙන් බල පැටවුන් අලෙවි කල පුද්ගලයකුට විරැද්දව පැමිණිල්ල කර ඇත.

බලන්ගොඩ පොලිසියේ සුළු පැමිණි අංශයේ ස්ථානාධිපති ඒ.එමි.මයුරසිංහ මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවතිවයි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

37,823 views

15 Comments to “උසස් බලු පැටවුන් කියා අයාලේ ගිය බලු පැටවුන් ලක්‍ෂ එක හමාරකට විකුණලා.. පොලිසි යයි..”

  1. Priyantha says:

    ඒ මනුස්සයා ටිකක් හොදයි…බලු පැටවුන් විකුණා ඇත..තව මනුස්සයෙක් අල්ෂේශන් කියා… නරි පැටවුන් විකුණා ඇත…පැටවු ලොකු වී…හු තියනකොට නරි බව දැනගෙන ඇත..

    • Love nature says:

      අපේ රටේ දේශපාලුවෝ බලය ලැබෙන කම් බලුපැටව් වගේ හැසිරීම ..බලේ ලැබුන විට සිංහයෝ වගේ ….බල්ලන්ගේ එහෙම වෙනසක් නැහැ උන්ට උසස් හෝ
      අයාලේ ගිය බල්ලෝ කියා බේදයක් නැහැ ..බල්ලෝ බලු කුලේම තමයි

    • කුවෛට් පොඩි එකා says:

      මෑන් පිට රටක හිටියානම් ලොකු කොම්පැනියක මාකටින් හෙඩ් කරනවා

  2. ARUNA says:

    ME PATAW AYTHIKAARAYA . SJB + JAVIPAAWEK, NEDA……
    MUNTA DAN WIKUNANTA THIYENNE ,,POMANERIYAN.. NOWEI . WAL BALLO..

  3. Kabba says:

    පොලීසියට “සුලු” පැමිණිල්ලක් . මේගොල්ලන්ට ලොකු නිවුස් එකක්

  4. ඔට්ටපාලුවා says:

    බලු පැටව් “උඩරට ගොවි” ද “පාතරට ගොවි” ද?

  5. kure says:

    Dog is dog, nothing to worry!

  6. ක්‍රිමිනල් says:

    ශිට්සූ පැටියෙක් කියලා හොයාගන්න බැරුව සල්ලී දීපූ එකා මනුස්සයෙක් වෙන්න බෑ , අමූ මී හරකෙක් වෙන්න ඔනේ.

  7. විකුනපු එකාත් පරබල්ලෙක් වෙන්න ඇති??????

  8. nim says:

    සුපිරි good job .

  9. ක්‍රිමිනල් says:

    බලු පැටව් ගන්න කලින් පශු වෛද්‍යවරයෙකුගෙ උපදෙස් ගත්ත නම් පැටව් විකුණූ බල්ලා කූඩුවට දමන්න තිබුණා.අපේ සජබෙ එකෙක් නම් කවදාවත් මෙහෙම කරන්නෙ නැහැ.

  10. nimal says:

    අයාලේ යන උන් තමයි උස්සස්ම

Main News