උසාවියක බී වාර්තාවක්වත් නෑ..ආණ්ඩුවේ බොරුවලට තවත් එක් බොරුවක් එකතු කරයි..

August 1, 2018 at 12:00 pm | lanka C news
උසාවියක බී වාර්තාවක්වත් නෑ..ආණ්ඩුවේ බොරුවලට තවත් එක් බොරුවක් එකතු කරයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

හම්බන්තොට වරාය හැදූ චීන සමාගමෙන් අල්ලසක් ලබා දුන්නා කියලා ආණ්ඩුවත් ආණ්ඩුව විසින් නඩත්තු කරන පුරවැසි බලය වැනි රාජ්‍ය නොවන සංවිධානත් තවමත් කෑ ගහනවා. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ අපි රැස්වීම් විවාද මාධ්‍ය හමු උද්ඝෝෂණ කරන්නේ වැරදිකරුවන්ට දඬුවම් කරන්න ආණ්ඩුව පොළොඹ වන්න.

ආණ්ඩුවේ ලොක්කන් විසින් කරපු වංචාවක් නිසා අපි බලපෑම් කලේ නැති නම් මේ තරම් දුරටවත් විමර්ශනය ඉදිරියට යන්නේ නෑ. නමුත් කවුරු හරි වරදක් කර තිබෙනවා නම් ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට මිස විපක්ෂයට නොවේ. පොලීසිය, නීතිපති, අධීකරණ පද්ධතිය මේ සියල්ල තියෙන්නේ ආණ්ඩුව අතේ.

වරාය හැදූ චීන සමාගමෙන් පසුගිය ආණ්ඩුවේ නායකයින් අල්ලසක් ගත්තා නම් දැන් ආණ්ඩුව කළ යුත්තේ විවාද කරමින් රැස්වීම් වල තලු මරමින් ඒ කතාව කියමින් කාලය නාස්ති කිරීම නොවෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමයි. මේ කතාව මුල් වරට ආණ්ඩුව කිව්වේ 2015 ජූලි 22 ඩේලි නිව්ස් පත්තරේ සිරස්තලයෙන්. දැන් අවුරුදු තුනකටත් වැඩියි.

මහ බැංකු වංචාව වගේ කිසිම කෙනක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා ද ? උසාවියක බී වාර්තාවන් ගොනු කර තිබෙනවා ද? අවුරුදු තුනටම මුකුත්ම නෑ. ඇත්තටම අල්ලස් ගැනීමක් සිදු කර තිබෙනවා නම් අවුරුදු තුනක් තිස්සේ ආණ්ඩුව පොල් ගෑවා ද? එක්කෝ බොරු නොකියා ඉන්න ඕන. නැතිනම් වරදක් කර ඇත්නම් දඩුවම් කරන්න ඕන. වසර තුනක් නිකන් සිටීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තමුන්ගේ බොරු වලට තවත් එක් බොරුවක් එකතු කිරීම පමණයි.

– අරවින්ද අතුකෝරල

68 views
Main News