උසාවියෙන් නඩු විසි කලාට ජනාධිපතිට පැරණි පාර්ලිමේන්තුව කැදවිය හැකියි.. ඔහු එය කල යුතුයි.. ජනතාව මැතිවරණයක් ඉල්ලුවේ නෑ..
June 4, 2020 at 3:00 pm | lanka C news
කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණය ජනතාව විසින් ඉල්ලා සිටි මැතිවරණයක් නොවුන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආච්චි මහතා පෙන්වා දෙන්නේ මෙම මැතිවරණය ජනාධිපතිවරයා ඔහුට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව කැඳවන ලද්දක් බවයි.
මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කරන ලද පෙත්සම අධිකරණය හමුවේ දී ප්‍රතික්ෂේප වූ වුවද ජනාධිපතිවරයාට පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය.
පවතින නිරෝදායන නීති රෙගුලාසි අනුව මැතිවරණය පැවැත්වීමට යාමේදී යම් බාධාවන් ඊට ඇති වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
එනිසාම පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුතු බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.
මේ ඡන්දය ජනතාව ඉල්ලූ ඡන්දයක් නොවේ. නිරෝදායන නීති ඡන්දෙට හරස් වේවි..!
මේ ඡන්දය ජනතාව ඉල්ලූ ඡන්දයක් නොවේ. නිරෝදායන නීති ඡන්දෙට හරස් වේවි..!Youtube Link – https://youtu.be/Ab0RdWrwoTU
Gepostet von Headline News am Dienstag, 2. Juni 2020
බූරැවෝ අපිට පරන ජරා ජීර්ණ ඌ පාර්ලිමේන්තුව එපා . තෝ බූරැවෙක් උනාට අපී අසූච් කන ඒඋන් නොවේ