උසාවිය වෙඩි පිටියක් කරන්න හැදු ‘රෝසා’ අත්අඩංගුවට..
March 3, 2017 at 8:15 am | lanka C news
පෙරේදා දිකයේ ගල්කිස්ස අධිකරණය තුළ ගිනි අවි සඟවා තිබීම සම්බන්ධයෙන් ප්රධාන සැකකරු වන එස්.ඩී. රොෂාන් ඉන්දික ද සිල්වා හෙවත් ‘රෝසා’ යන පාතාල නායකයා පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නීතිඥයෙකු මාර්ගයෙන් මෙම පුද්ගලයා පොලීසිය බාර වී ඇති අතර ඉන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 20 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.