උසාවි නියෝගය නොතකයි.. සුමන්දිරන් කොටි සමරයි..

November 22, 2020 at 3:00 pm | lanka C news
උසාවි නියෝගය නොතකයි.. සුමන්දිරන් කොටි සමරයි..

අධිකරණය මගින් මහවිරු සැමරීම වලක්වා ඇති අවස්ථාවක පුදුම සහගත ලෙස අධිකරණ නියෝගය ලබාදී පැය 24ක් යාමට මත්තෙන් 1954 වසරේ ඉපදුන 1985 වසරේ මියැදුණු කැප්ටන් පාන්ඩිතර් නැමැත්තාගේ නිවසට ගොස් මහා විරු සැමරීම සිදුකර එහි ඡායාරුප තමාගේ facebook පිටුවට එක් කිරීමට දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් විසින් කටයුතු කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අධිකරණ නියෝගය කදකරපු සුමන්තිරන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කර සිටි ඥානසාර හිමි “දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි” යැයි පැවසීය.

නීතිඥවරයෙක් ලෙස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමේදී රට බෙදුම්වාදයකට ත්‍රස්තවාදයකට තුඩු දෙන ක්‍රියාකාරකමක නොදෙන බවත් එවැනි ක්‍රියාවකට අනුබල නොදෙන බවටත් දිවුරුමක් ලබා දෙන බව පැවසූ ඒ හිමියෝ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මෙන්ම නීතිඥවරයෙක් ලෙස සපයන ආදර්ශය මෙයනම් අර හැගීම් බර වෙච්ච, කැලෑවල ජීවත් වුනු දමිල තරුණයෝ අවි අතදැරීමට සිත් පෙළඹවීමක් සිද්ධ වන්නට ඉඩ නැද්ද? ඒ නිසා වහාම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා සුමන්තිරන්ට නීතිය ක්‍රියාත්මක කරන්න” යැයි සඳහන් කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ…

“විශේෂයෙන්ම සහෝදර දෙමල හිංදු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සුමන්තිරන්ලා අටවන මර උගුල්වලට හසු වෙන්න එපා කිලයා. මොකද මේ කාලකන්නි යුද්ධය නිසා දෙමල සමාජය කඩාගෙන වැටුනා. අපි ඔවුන් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගනිම්න් ඉන්න අවස්ථාවක සුමන්තිරන් වැනි අවස්ථාවාදී දේශපාලකයන් නිසා තවමත් අවි අත දැරීමට බලාපොරොත්තුවෙන් සිටින අඳුරු සෙවනැලිවලට උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා වහා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි මතක් කරන්න අවශ්‍යයි.”

– මාධ්‍ය ඒකකය

29,557 views

10 Comments to “උසාවි නියෝගය නොතකයි.. සුමන්දිරන් කොටි සමරයි..”

  1. R premadasa says:

    Dear Priest

    Dont forget who destroyed LTTE

    • Conner says:

      Legal process against M. Sumanthiran will take some time. Please be patient. People were standing upright for Badurdeens housing development project punishment. After many years only the court comes to decision. Its the human legal system worldwide.

  2. ක්‍රිමිනල් says:

    හුටා ! එතකොට ඒ කාලේ මෙව්වා කරන කොට වැලලෙන්න හැදුවේ ලිංමැඩි බෛයො අන්දලා චන්දේ ගන්න විතරද ? ස ගේන්න ලස්ස 69 ක් චන්දේ දුන්නා , ආපහු ලස්ස 69 කට ආසන්න ගානක් දීලා පාර්ලීමෙන්තුවට ස්වාමීයො ටික ගෙනාවා, ඒක හරියට ලයිව් මැච් එකකට ඔට්ටු අල්ලලා පරාද වෙලා , එ මැච් එකේම හයිලයිට්ස් වලට ඔට්ටු අල්ලලා පරාද වුනා වගේ සුපිරි මැටි ගනයේ වැඩක් ! වහල්ලු කොහොමත් ඇන්දෙන්න බලාගෙන ඉන්නේ කියමුකො එත් මේ සුවහසක් මජ්ජස්ථ මථධාරීන් ඇන්දුන්නානේ…😂😂😂

    • Ubd says:

      හිවල් ක්‍රිමිනල් හුක්කි හුක්කි හුහුහු…
      ක්‍රිමිනල් ප්‍රා ගොයියෙක් මුට කටු සුප් නැතිව අමාරුවක් හැදිලා. මුගේ ගංජා හේන් ටිකත් සෙට්ටපෝච්චි නිසා මුට අමාරුව වැඩි වෙලා.

    • අඩො ක්‍රිමිනල් උම්බට 👹👺👽💤🛀👼🐱🐱🐱 ද? උම්බ පලාගෙන ඉන්ටේ ෂොට් දෙන්ඩ නේද? උම්බ පාවම් සාජිත් ද උම්බ්බේ අලුත් එක.

    • Laksiri says:

      මෙතැන ඇති මහාවීර් සමරුවක් පේන්ඩ නෑ. කෝ කොටින්ගේ කොඩි. දෙතුන් දෙනෙක් එකතු වෙලා පොඩි ටකරන් මඩුවක මැරිච්ච කෙනෙක් සමරනවා.කව්ද කොටින්ව ඔය තත්වෙට ගෙනාවේ. unp/jvp යහපලනේද? හුහ්…සූමන්දිරන් එතනට ගිහින් ප්‍රෝඩාවට කොටි ඩයස්පෝරාවට පේන්ඩ තාම පුල් සපෝර්ට් කියලා. …ඩොලර් වලට කහිනවා.
      ඥානසරයයි ක්‍රිමෙනෙලයි මෙතන හොටු පෙරනවා.

  3. වෙබ් බුවා says:

    පොරව වැලිගම් යවමු

  4. Dp says:

    Sumanthiran is a screwd lawyer.he knows how to keep the ltte cause and keep the $ flowing. This is inside a house . Legal action will not be possible as it’s not in public.but posts on FB to cause a stir..enough to bring in some diaspora $$

  5. Saleem says:

    ඕව ගැන කලබල වෙන්න ඕන නැහැ මුස්ලිම් මළමිණී වළළනවද නැත්නම් පුච්ච ගෙන කනවද කියන එක පස්සේ ඔක්කොමල දුවමු

  6. Maha sinhale says:

    “දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි” හොද කනේ පහරක්

Leave a Comment

Main News