‘උස නං සිකිරුටි.. මිටි නං කංකරු’ රස්සා දෙන්නේ මුදලට…? සජිත්ට එරෙහිව පැමිණිල්ලක්..
October 21, 2016 at 6:48 pm | lanka C news
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා මුදලට රැකියා ලබා දෙන්නේදැයි බරපතල සැකයක් මතුවන බව මහජන අයතීන් සුරැකීමේ පදනම පවසයි.
එම සංවිධානය විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.
සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.
අධ්‍යක්ෂක ජනරාල්
අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව
කොළඹ 07.
මුදලට රැකියා ලබා දෙනවාද ?
මේ දිනවල අන්තර්ජාලයේ ඇමති සජිත් පේ‍්‍රමදාස මැතිතුමා විසින් තමන්ගේ බලප්‍රදේශයේ ඡන්ද දායකයන් වෙත රැකියා ලබා දෙන අයුරු දැක්වෙන විඩියෝවක් සංසරණය වේ.
මෙහි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා විසින් තමන්ගේ සංවිධායකවරුන් ලඟට ගෙන්වා අවවාද කරන අතර, එහිදී ඔහු විසින් මුදල් ගණුදෙනුවක් පිළිබඳ ඔවුන්ගෙන් විමසයි. එහිදී අප හට බරපතල සැකයක් මතු වන්නේ රැකියා ලබා දෙන විට මුදල් ලබා ගැනීමේ ක්‍රම වේදය රට තුළ ජනගත වී තිබීමයි.
යහපාලන රජය බලයට පැමිණි පසුගිය රජයේ දැඩි ලෙස විවේචනය කර දුෂණ වංචා වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නඟන ඇමති සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මෙවැනි ගෝත්‍රික ක්‍රමයකට රැකියා ලබා දීම හා මුදල් පිළිබඳ ප්‍රශ්න කර සිටීම යහපාලන රජයෙන් අප බලාපොරොත්තු නොවු දෙයකි.
ඇමති සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ මෙම වීඩියෝ පටය හා එහි අන්තර්ගත සම්බන්ධව අප සංවිධානයට බරපතල සැකයක් නිර්මාණය වී ඇති බැවින් සුදුසුකම් ඇත්තැන් මහ පාරේ බෝඞ් අල්ලන් රැකියා ඉල්ලන රටක උස් මිටි මහතකම් බලා මිල මුදලට ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කර තිබිමයි.
මේ සම්බන්ධව වහා පරීක්ෂණයක් සිදු කර සජිත් පේ‍්‍රමදාස ඇමතිතුමා නිවැරදි නම් නිවැරදි කරන ලෙස වැරැුද්දක් කර ඇත්නම් එයට ඔබ ආයතනයට ඇති බලතල තුළින් නිතිය ක්‍රියාත්මක කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි
අසේල සම්පත්
ජාතික සංවිධායක
චිරන්ත අමරසිංහ
ප්රචාරක අධ්‍යක්ෂක
mama watakuru
අයියෝ උස නම් සෙකුරිටි , මිටි නම් කම්කරු, මමනම් හදා රකුරු
,ඔන්නෙ යහාපාලෙනෙට මොරදුන් අඩුකුලෙ පාලම් කොක්කු
Diagati, Watakuru ? Kalu , Susdu ? Patta, Nopatta ? Honda Penuma, Sawuththu Penuma ? goes on