උස නං සිකුරුටි-මිටි නං කංකරු කියා රැකියා ප‍්‍රශ්ණ විසදන්න බෑ.. අද අයට සහජ කුසලතාවක් නෑ..- රවිගෙන් සජිත්ට සැර පහරක්..

April 5, 2019 at 6:28 am | lanka C news
උස නං සිකුරුටි-මිටි නං කංකරු කියා රැකියා ප‍්‍රශ්ණ විසදන්න බෑ.. අද අයට සහජ කුසලතාවක් නෑ..- රවිගෙන් සජිත්ට සැර පහරක්..

රැකියා ප්‍රශ්නය විසඳනවා යනු උසනම් සිකුරුටි කොට නම් කම්කරු ආකාරයේ වැඩ කටයුතු කිරීම නොවන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

අද ලංකාවේ ඇත්තේ මවගෙන් පියාගෙන් පැවත එන පවුල් දේශපාලනයක් මිස සහජ හැකියාවෙන් ඉදිරියට යන දේශපාලනයක් නොවන බවද ඔහු පවසයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ මිලාගිරිය බාලිකා විදුහලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙම උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටියේය.

උසනම් සිකුරුටි කොට නං කම්කරු ප‍්‍රකාශය එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලද්දක් වන අතර එය සමාජ ජාලා වන්හි ඉතා ජනප්‍රිය විය.

45 views

9 Comments to “උස නං සිකුරුටි-මිටි නං කංකරු කියා රැකියා ප‍්‍රශ්ණ විසදන්න බෑ.. අද අයට සහජ කුසලතාවක් නෑ..- රවිගෙන් සජිත්ට සැර පහරක්..”

  1. 62 ලක්ෂය says:

    රවියා හොඳම මුදල් ඇමති උනා කව්ව රනිල්/සිරිසේන පාලනයට දැන් වසර හතරකට වැඩිය්. එකම විදුලි බලාගාරයක් වත් හැදුවෙ නැහැ. අත්පනා ප්‍රතිපලය පැය ගනන් දවල්ට රෑට ජනතාවට විදුලිය කැපිල්ලය්. තමන්ගෙ වැඩ බැරි පිලේම අරක් අරන් ඉන්න සජිත්ගෙ මෝඩ කතා වලට අපහාස උපහාස කොලාට ලයිට් ලැබෙන්නෙ නැහැ. වැඩ බැරි හොරැ සහ බොරැ කාරයො අපට දැන් තිත්තය්.

    • cineth says:

      රවිගේ සජිත් කෙරෙහි තියෙන ඉරිසියාව පුපුරනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න පුළුවන් පක්ෂයේ ඉන්නේ සජිත් විතරයි. නායකතුමා ඉල්ලුවොත් ඇපත් නෑ.

    • සිරිකොත කොල්ලෝ says:

      UNP ය දිනෙන් දිනම අප්‍රසාදයට ලක්වීමට එක් හේතුවක් තමයි රවි කරැවලනායක වැනි හිස් පඹයන් පක්ෂයේ ඉහල තනතුරැ වල තබාගෙන සිටීම. මොහු 1994 ජනාධිපතිවරණයෙදි සහ මහ මැතිවරණයෙදි චන්දුිකා බණ්ඩාරනායක බලයට ගේන්න UNP යට විරැද්ධව වැඩ කළ කෙනෙක්.
      ලලිත් ඇතුලත්මුදලිගෙ ගෝලයෙක් කියල තමයි දේශපාලනයේ මාකටි කළේ. ඒ උනාට මොහු ලලිත්ගේ ගෝලයෙක් නොවන බව ලලිත් සමග දේශපාලනය කළ හැමෝම දන්නවා. ලලිත් මියගියාට පසුව ශ්‍රීමණී ඇතුලත්මුදලි මැතිණිය රවටිටගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු රිංගගත්තා. පස්සෙ ශ්‍රීමණී මොහු ඇයගේ පක්ෂයෙනුත් එළවා දැමිමා.
      ශ්‍රීමණීට අවසන් ගෞරව දක්වන්නවත් නොගිය ගුණමකුවෙක්.
      ගත්ත, ගත්ත අමාත්‍යාංශ විනාශ කළා.

      ඊළඟට කයිවාරැ ගහන්න පටන් ගත්තා එයා නිසා උතුරැ කොළඹ දිනනවා කියලා. උතුරැ කොළඹ UNP යෙන් පොල්පිත්තක් දැමිමත් දිනනවා. ඒක මෙයාගෙ දක්ෂකමක් නෙවි. අද UNP ජනප්‍රියම නායකයා සජිත්. මොහුගේ තියෙන්නෙ ඊර්ෂ්‍යාව, කුහකකම සහ වෛරය. පුළුවන් නමි සජිත්ට UNP යෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟකරල බලන්න කියමු. සජිත් රනිල්ටත් වඩා ඡන්ද ගන්නවා සිකුරැයි. රවි ඉදිරි මැතිවරණයෙදි අන්ත පරාජයකට ලක්වෙනවා.
      රවි කියන මෙි විෂ බීජය තිබෙන තුරැ UNP යට සෙතක් නෑ.
      රනිල් නායකතුමා මෙි චරිතය පක්ෂයෙන් එළවා දැමිය යුතුයි.
      මොහු පාසැලක කළයුත්තේ කුමන කතාවක්ද කියාවත් නොදන්නා ගොබිබයෙක්.

  2. Nalaka says:

    කතාව සහතික ඇත්ත.

  3. හැකහැක says:

    සජිත්ගේ පාලනයක් යටතේ චම්පික සික්‍යුරිටි…ගම්මන්පිල කම්කරැ..

  4. සරත් පෙරේරා. says:

    ශ්‍රීලංකාවෙ පමණක් නෙවෙයි ලෝක දේශපාලනයම එහෙමයි. ඇමරිකාවෙ ජෝජ් බූෂ්ගෙ පුතා ජෝජ් බූෂ් 2 ජනාධිපති උනා. ඉන්දියාවෙ ගාන්ධි පවුල එනවා. බංගලාදේශයේ හිටපු නායකයින්ගෙ බිරින්දෑවරැ දෙන්නා ෂික් හෂීනා සහ කලීඩා ෂියා. අරාබිකරයේ රජාගෙ පුතා හෝ පවුලේ අයෙක්. දැන් කැනඩාවෙ හිටපු අගමැති ටෲඩෝගෙ පුතා බලයට ඇවිත්, කෙන්යාවෙ හිටපු ජනාධිපති ජෝමෝ කෙන්යාටාගෙ පුතා ජෝමෝ කෙන්යාටා අද ජනාධිපති. මෙික තමයි වෙන්නෙ.

  5. Gayantha says:

    ඒ මනුස්සයා මොනවහරි මිනිස්සු වෙනුවෙන් කරනවා. ඒත් මෙයා ? ගිය තැන හොරා කාලා විනාශ කරනවා. ඒට පස්සේ ඉතින් මට මතක නෑ අපේ නෝනා තමයි දන්නේ කියනවා.

  6. Muta janadipti kama labunot Gahanu nam badukarae

  7. මෝඩාපොළ ඥානපාල says:

    මැරුණ නිසා පේමදාස මහත්තා ගැන කවුරුවත් නරකක් කියන්නෙ නෑ.ඒත් සිදුවුණ දේවල් අපට අමතක නෑ.දැන් ඉන්න ළමයි මේව දන්නේ නෑ.සජිත් නිකම් පොල්බෑ මූණෙක්!උටත් අදට ගැලපෙන මොළයක් නෑ.

Main News