ඌරු මස් කිලෝ 09ක් හොරකම් කලැයි පොලිස් කොස්තාපල් රිමාන්ඩ්..

June 9, 2019 at 5:30 pm | lanka C news
ඌරු මස් කිලෝ 09ක් හොරකම් කලැයි පොලිස් කොස්තාපල් රිමාන්ඩ්..

අත් අඩංගුවට ගන්නා ලද වල් ඌරු මස් කිලෝ ග්‍රෑම් 09 ක් අතුරුදන් කොට සාවද්‍ය පරිහරණය කළේ යැයි ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලය මගින් අත් අඩංගුවට ගන්නා ලද උප පොලිස් පරීක්ෂක වරයෙකු 2019 ජූනි මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ෂණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි – 01, මහේෂ් කුමාරගේ මහතාට දැනුම් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලය අංක 11302 යටතේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කරන්දෙණිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස සේවය කරන සමන් පාලිත අතුකෝරල (35) නමැති අයයි.

සැකකරු පසුගිය දිනක කරන්දෙණිය පොලිස් වසමේදී විකිණීම සදහා ප්‍රදර්ශණය කරමින් තිබූ වල් ඌරු මස් කිලෝ ග්‍රෑම් 15 ක් අත් අඩංගුවට ගෙන තිබේ. මෙයට අදාලව අංක 11058 යටතේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා එයින් මස් කිලෝ ග්‍රෑම් 01 ක් නඩු භාණ්ඩ ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉතිරිය ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතාගේ නිරීක්ෂණයටද ඉදිරිපත් කර තිබේ.

මස් කිලෝ ග්‍රෑම් 15 ක් අත් අඩංගුවට ගත් බවට කරන්දෙණිය පොලීසියේ සියළු පොත්පත් වල සටහන් දමා ඇති නමුත් නිරීක්ෂණ සදහා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති වල් ඌරු මස් තොගයේ තිබී ඇත්තේ කිලෝ ග්‍රෑම් 05 ක් පමණක් බවට එයට සම්බන්ධ නිලධාරීන් විසින් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය විසින් පරීක්ෂණ පවත්වා සැකකාර උප පොලිස් පරීක්ෂක වරයා අත් අඩංගුවට ගෙන තිබේ.

– ජයකාන්ත ලියනගේ

16,840 Viewers

7 Comments to “ඌරු මස් කිලෝ 09ක් හොරකම් කලැයි පොලිස් කොස්තාපල් රිමාන්ඩ්..”

  1. manik says:

    පොලිස් හොරු කුඩු වලටත් කරන්නෙ ඔය ටක තමයි හොදට ඉන්න අහිංසක තරුන කොල්ලො විශාල වශයෙන් මකුඩු රකුසාට බිලිකරන්නෙ ඔය පොලිසියෙ ඉන්න සම හරක්, කියන වල් නරිරැල තමයි එ් පැත්තත් ටිකක් සොයා බැලුවොත් හොදයි මහත්තයො කවුරු උනත් අවංකවම මම ස්තුතිය පුද කරනවා

  2. JOHN says:

    අනිවාර්යෙන්ම මේ පොලිස් ඇදුම දාගත්ත වහබියෙක් ,..ඔහුට වල් ඌරු මස් කන්න ආසා වෙලා වගේ

  3. Ela Kolla says:

    Bauddayo Urumas kevata kamak nee, Suravath madya premanayak bavithakala hekiya

    • one shot says:

      මෙතන තියෙන්නෙ බෞද්ධ ප්‍රශ්ණයක් නෙමෙයි එල කොල්ලො, පින්සිරි සමරවීර වගේ හැම දේටම බුද්ධාගම ගාව ගන්න එපා උගෙ කොල්ලෙක් උනාට අපට ප්‍රශ්ණයක් නැහැ.හැබැයි මද පමණට?

  4. කුඩා දරුවා says:

    තමන්ගේ ඇස්කුලී පංගුව නොලැබුන එවුන් බකට් එකක් ඇදලා වගේ .. හේ… හේ …

  5. Gorilla says:

    Policiye decipline pirihila. Samanya janathawata policiya karadarayak

  6. Kostapal says:

    Maha banku horakamata wadiye loku hora kamak meka.

Main News