ඌරු මස් මදි කියා පොලිස් ASP විසින් SIට පහර දෙයි.. SI රෝහලේ..

March 1, 2019 at 8:02 am | lanka C news
ඌරු මස් මදි කියා පොලිස් ASP විසින් SIට පහර දෙයි.. SI රෝහලේ..

නුවරඑලිය පිහිටි උසස් පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය භාරව කටයුතු කරන පොලිස් පරික්ෂකවරයෙකුට පොලිස් සුභ සාධාන අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන  ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් පරික්ෂකවරයා නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් වි නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පොලිස් දෙපාර්තුමේන්තුවේ ගොඩනැගිලි කෙට්ඨාශයට සේවය කරන පොලිස් පරික්ෂක දයානන්ද අලහපෙරුම මහතා (59) මහතා මෙසේ රෝහල ගත වි සිටියි.

දයානන්ද මහතා නුවරඑලියේ පිහිටි උසස් පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය භාරව කටයුතු කරනු ලබයි.

පොලිස්  සුභ සාධන අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු  කරන ජෙෂ්ඨ පොලිස් අධිකාරි දමයන්ත විජය ශ්‍රි මහතා ඉකුත් 25 වෙනි දින ඔහුගේ පවුලේ සමාජිකයන් සමග නිවාඩු නිකේතනයට පැමිණි බවත්, ඊයේ (27) පස්වරුවේ පොලිස් අධිකාරිවරයා තමන්ට ඌරු මස් කිලෝවක් ගෙනවිත් දි එම ඌරු මස්වලින්  ග්රුම් 500 ක් රාත්‍රි ආහාරය සදහා පිලියෙල කර දෙන ලෙස ඉල්ලිමක් කල බව පොලිස් පරික්ෂක දයානන්ද අලහපෙරුම මහතා කියා සිටි.

ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලිම මත නිවාඩු නිකේතනයේ මුළුතැන්ගේ සේවය කරන පොලිස් නිලධාරින් ලවා එය පිලියෙල කර රාත්‍රි  ආහාරය සදහා මේසයේ තැබු බවත්,  මද වේලාවකින් පසු ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මුළුතැන්ගෙයට පැමිණ පිලියෙල කල ඌරු මස් ප්‍රමාණය අඩු බවත්, පිලියෙල කරන ලද ඌරු මස් මුළුතැන්ගේ සේවය කරන පොලිස් නිලධාරින් ආහාරයට ගෙන ඇති බවත් චෝදනා කරමින් තමන්ට පහර දුන් බව පොලිස් පරික්ෂක දයානන්ද අලහපෙරුම මහතා කියයි.

උසස් පොලිස් නිලධාරින් තමන්ට පවරන ඕනැම රාජකාරියක් නිසි ලෙස ඉටු කරන බවත්, එම නිලධාරින් නිවාඩු නිකේතනයට රැගෙන එන ආහාර පාන කිසිවක් තමන් හෝ  තමන් භාරයේ කටයුතු කරන නිලධාරින් ආහාරය සදහා ලබානොගන්නා බව දයානන්ද අලහපෙරුම මහතා කියා සිටියි

මෙම පහර දිම සම්බන්ධයෙන් තමන් භාරව සිටින නියෝජ්‍යය පොලිස් පතිවරයාට පැමිණිලි කල බවත්,මෙම පහර දිම සම්බන්ධයෙන්   සාධාරණ පරික්ෂනයක් පවත්වන ලෙස දයානන්ද අලහපෙරුම මහතා ඉල්ලා සිටි.

– හැටන් රංජිත් රාජපක්ෂ

178 views

15 Comments to “ඌරු මස් මදි කියා පොලිස් ASP විසින් SIට පහර දෙයි.. SI රෝහලේ..”

  1. nannasaara says:

    රජයේ නිවාඩු නිකේතන නඩත්තු කරන්නේ දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් වලින්. දියුණු රටවල මෙහෙම තැන් නැහැ. පොලිසිය ඇතුළු ත්‍රිවිද හමුදාවන් වල තියෙන මේ නිවාඩු නිකේතන සහ බාර් (මෙස්) නැවැත්විය යුතුය. ඉස්සර පරණ පාර්ලිමේන්තුවේත් තැබරුමක් තිබුනා පස්සේ JR විසින් ධර්මිෂ්ට සමාජයක් ඇතිකරානු වස් එය වසාදම්මා. ඒ නිසා දැන් මුන් පාර්ලිමේන්තුවේ කුඩු ගහන්න පටන් අරන්. සිංහල බවුද්ද අරටක් වශයෙන් ත්‍රිවිද හමුදාවේ සහ පොලිසිය විසින් පවත්වාගෙන යන මත්පැන් ශාලාවල් අහොඉ කල යුතුයි. මෙතන සිද්දවෙලා තියෙන්නේ මු ගෙනත් දීලා තියෙන්නේ වල් ඌරු මස් නිසයි. අනෙක උරු මස් වල ගොඩක් තෙල් තියෙන නිසා උයනකොට මස් ප්‍රමාණය අඩුවෙනවා. බේකන් පැකට් එකක් බැද්දම අවසානයේ ප්‍රමාණයෙන් හතරෙන් එකක් වගේ තමයි පේන්නේ. වෙනදට පොලිස්කාරයෝ මිනි මස් කන නිසා සමහර වෙලාවට මු ෆස්ට් ටයිම් වෙන්න ඇති වල ඌරු මස් කන්න ඇත්තේ. රටක් හැටියට විලි ලැජ්ජාවේ බැහැ බන් මේවා පොලිසියේ වෙනකොට. මස් පිරිසියට මිනි මරාගන්න රටක්. බලපන්කො පොලිසියේත් තියෙන ප්‍රශ්න. ඕක සාමාන්‍ය ජනතාවට එහෙම එහෙම වුනානම් රටේ තියෙන ඔක්කොම නිවාඩු නිකේතන වහලා උරුමස් තහනම් කරයි.

  2. ඉන්ද්‍රානි බටුවන්තුඩාව says:

    SP හරි කිවුවේ මේ නිසායි: අපිටත් ඔය දේම උනා. මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ වාරිමාර්ගේ. අපිට පොළොන්නරුවේදී දඩමස් වගයක් ලැබුනා. රෑ නවතින්න ආවේ අනුරාධපුරේ ඉරිගේෂන්ස සර්කිට් එකට. කෝකියෝ දඩමස් වලින්බාගයක් කාලා තිබුනා. හස්බන්ඩ් ගහන්න හදනකොට මම පැනලා බේරුවේ

  3. ඉන්ද්‍රානි බටුවන්තුඩාව says:

    ඕක කොහෙත් කරන වැඩක් කෝකියෝ දඩමස් හොරකම් කිරීම

Main News