ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබිය හැකියි..- විමල්

January 6, 2021 at 12:00 pm | lanka C news
ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබිය හැකියි..- විමල්

දිවි ඇති තෙක් සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව යටතේ නිදහස් විය හැකි බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඌවතැන්නේ සුමන හිමියන්ට දඬුවම් හිමිවූයේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව මත වුවද දුමින්ද සිල්වා මහතාගේ නඩුවට අදාළ තීන්දුව ලබාදීමට දේශපාලන බලපෑම එල්ල වූ බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ දුරකථන ඇමතුම් තුලින් හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා එහිදී පැවසීය.

33,393 views

27 Comments to “ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබිය හැකියි..- විමල්”

  1. Aurora says:

    දුමින්ද සිල්වා හිසට වෙඩිවැදී සිහිසුන්ව බිම වැටුණු පසු භාරත ලක්ෂමන්ට මැරෙන්නම වෙඩි තියපු එක උසාවියේ ඔප්පු කරපු පොලිස් කාරයට සම්මානයක් දෙන්න ඕන. ඒ සමගම සිහිසුන්ව හිටි දුමින්ද බාරතව මැරුව සිද්ධිය කිසිම සැකයක් නැතිව ඒත්තු ගත්තු නඩුකාරයෝ සෙට් එකේ මොලේ පරික්ෂාවට අoගොඩ යවන්න ඕන. ඉන්පසුව ආරක්ෂාවට වැලිකඩ බෝඩිම හොදටම හොඳයි.

Main News