ඌව පළාත් සභා ගැටුමෙන් ගුටි කෑ එජාප මන්ත‍්‍රී රෝහලේදී පොලිස් අත්අඩංගුවට ගනී..

January 26, 2018 at 4:40 pm | lanka C news
ඌව පළාත් සභා ගැටුමෙන් ගුටි කෑ එජාප මන්ත‍්‍රී රෝහලේදී පොලිස් අත්අඩංගුවට ගනී..

එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් සභා මන්ත‍්‍රී ඒ. ගනේෂමූර්ති මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් මතයි.

ඌව පළාත් සභා පරිශ‍්‍රයේදී ඊයේ දිනයේ සිදුවූ ගැටුම නිසා මන්ත‍්‍රිවරයා මේ වන විටත් බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී වන අතර මේ වන විට ඔහු පොලිස් ආරක්‍ෂාව යටතේ සිටී.

මේ අතර ඊයේ දිනයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

****

අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

53 views

2 Comments to “ඌව පළාත් සභා ගැටුමෙන් ගුටි කෑ එජාප මන්ත‍්‍රී රෝහලේදී පොලිස් අත්අඩංගුවට ගනී..”

  1. JUDE says:

    State tamils stop racism & corruption.

  2. අනේ මෙහෙම පයිත්තියන් says:

    සුදු රෙදි ඇදන්…ඌවත් කාපන්…මලයනාඩුවත් දීපන්. රටම කාපියව්. රෙදී ඇදණ්ඩ me මහා දවල් පෙම් කෙලින්නේ? නාඩගම් කෝලම් මඩුවක් නෙ me?

Main News