ඌව මහ ඇමතිගෙන් අධ්‍යාපන ඇමතිකම ඉවත් කළේ දඩුවම් දීමට නොවෙයි..

January 24, 2018 at 8:40 am | lanka C news
ඌව මහ ඇමතිගෙන් අධ්‍යාපන ඇමතිකම ඉවත් කළේ දඩුවම් දීමට නොවෙයි..

ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ ඡුන්ද සමයක් වන හෙයින් මිස දඩුවම් දීමේ අරමුණින් නොවන බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.

තමන්ගේ නීති විරෝධි අනට කීකරු නොවු විදුහල්පතිනියක සිය නිවසට ගෙන්වා දන ගස්සවා බලහත්කාරයෙන් වන්දා ගැනීම සම්බන්ධයෙන් රටේ නීතිය ක‍්‍රියාත්මක වන්නේ නම් අමාත්‍ය වරයා අත්අඩංගුවේ සිටිය යුතු බව ද හෙතෙම සදහන් කළේය.

නාඋල ප‍්‍රාදේශය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම සදහා නාඋල නගරයේ පෞද්ගලික හෝටලයක සංවිධාන කර තිබූ ජන හමුවක දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජේබණ්ඩාර මහතා මේ බව සදහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද සදහන් කළේය.

‘යහපාලනය කියන්නේ මේකට නෙමෙයි ඔය විදිහට කාන්තාවන්ට හිංසා කරන්න බැහැ.යහපාලනයක් අපි පත්කරේ ඕක කරන්න නෙවෙයි.

වංචාව දුෂණය නැතිකරනවා කිව්වා අද යන්නනේ ඒ දිසානතියට ද ලොකුම වංචාව මහ බැංකු වංචාව සිද්ධවුනා. ඊයේ පුවත්පත් අරන් බැලූවනම් බැදුම්කරය සදහා ක‍්‍රියාකාරි වෙච්චි නීතිඥ මණ්ඩලයම ඉවත් කරලා.

ඕකද යහපාලනය කියලා අපි අහනවා.අඩුමගානේ උතුරේ මහ ඇමතිවරයා අයින්කරන්නේ නැහැ. අත්අඩංගුවට ගන්නේ නැහැ.

මේ ඇත්තටම ජනවාරි 8 වෙනිදා අපි බලාපොරොත්තු වෙච්ච යහපාන ආණ්ඩුව නෙවෙයිදැන් තියෙන්නේ. ’ යැයි ද සදහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

12 views

7 Comments to “ඌව මහ ඇමතිගෙන් අධ්‍යාපන ඇමතිකම ඉවත් කළේ දඩුවම් දීමට නොවෙයි..”

  1. kamalasirikuruwita says:

    උඹලා වගේ මෝඩ පඬියෝ තමයි මේ අපරාධ වල වග කියන්න ඕන . මිනිහ නොමිනිහ , රටට ආදරේ ඇති එකා, රටට විනකරපු එකා, පාවාදෙන එක තේරුම්ගන්න ඔලුවක් නැති හැබැයි සියල්ල දත් වගේ හිතන ගොන් පඬියන් ට මේ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. සුද්දවන්ත්යෝ වෙන්නත් බැහැ.

    • උදේශ් says:

      අනේද කියන්නේ මේ වගේ ආචාරිලා මහාචාරිලා කොච්චරනම් සීරාව ගෙන්න කඩේ ගියාද .සමහරුනම් ඩොලර් කුට්ටි වලට නමුත් මම දන්නා දොස්තරලා කොම්පියුටර් එන්ජිනේරුලා මහාචාරිලා ආචාරිලා කි දෙනෙක් සිරා වෙනුවෙන් නොමිලේ කඩේ ගියාද මොන තරම් මහින්දට බැන්නද .ඒමදිවට මහා බැංකුවේ නිලධාරින් මොනතරම් මහින්දට අපහාස කොරලා සිරා වෙනුවෙන් කඩේ ගියාද .දැන් ඔක්කොම උන් ලජාවෙන් ඉන්නවා ඒ ගැන කතා කොරන්න මොකද අපි ප්‍රශ්න ඇහුවම උන්ගේ මෝඩකම් එළිවෙනවා .ලස්සන වැඩේ තියෙන්නේ මේ ඩිග්රි මොනවත් නැති සාමාන්‍ය මිනිස්සු වේ පහුගිය කාලේ වූ දේවල් චන්දෙට ඉස්සරවෙලාම දැක්ක .හමුදාවට කොරන දේ දැක්කා ,කඳවුරු වහන බව දැක්ක ,රණවිරුවෝ හිරේ දාන බව දැක්ක ,රාජ්‍ය දේපල විකුණන බව දැක්ක ,බුදුදහම නැති කරන බව දැක්කා ,ආගම් ප්‍රචාරය වැඩිවෙන බව දැක්කා ,යහපාලනය කියල කරුප්පයියා ජාතික ධනයට වැඩේ දෙනබව දැක්කා .
      ඒවගේම දැක්කා ආයෙත් මැර කල්ලි චන්ද මංකොල්ල කන බව විරුද්ද වාදීන් සහ රාජ්‍ය විරෝදින් උස්සලා මරණ බව එක ළඟ ළඟම එන බව අපේ සුජීව නිතරම අපිට මතක් කරලා දෙනවා

    • ජසයා says:

      මමත් ඔය පීඨයේ ඔය භෞතික විද්‍යාෙවන්ම ඔය විශ්ව විද්‍යාලයෙන්ම උපාධියක් ගත්ත කෙනෙක්. නමුත් ඒ කාලයේ මේ වගේ පිංගුත්තරයො විද්‍යා පීඨයේම හිටියේ නැහැ. රතු අලින්ට වැඩකරපු කෙනෙක් වගේ. මම ඉගෙනගත්ත අධ්‍යයන අංශයටත් අවමානයක්……

  2. සනා says:

    අපි එක කරන්න කියල පත්කරලා යැව්ව මනුස්සයාගේ කකුල්දෙක වෙවුලනවා මුකුත් කොරගන්න බෑ
    අනේ මට සහය දෙන්න කියල එයා ඉල්ලනවා ඒ අස්සේ එයාත් තමුන්ගේ පුතාලා දුවලා බෑණලා සහොදරයෝ පෝෂණය කොරනවා .ඒ කොරන අතර හිතනවා “මට මෙච්චර මිනිස්සු විරුද්ද වෙන්නේ මේ රාජපක්ෂලා නිසා උන්ව අල්ලලා හිරේ දාන්න ඕනා කියල වයිරයෙන් පුපුරනවා නමුත් එයා දන්නේ නෑ මිනිස්සු එයාට බනින්නේ එයාගෙම වැරදි නිසා කියල .මෙයා කවදාවත් හැදෙන්නේ නෑ තව තියෙන්නේ අවුරුදු 2ට අඩු කාලයක් ඒ ටිකෙත් පච කියව කියව ඉඳලා පුලුවන්නම් රාජපක්ෂලා නිහඩ කොරල තමුනායේත් ජනාදිපති වෙන්න හිතාගෙන මොනවා හරි කොරලා මහජනතාව එළවලා දාවි අපහාසාත්මකව අර සැටලයිට් ගෑනි පැන්නුවාටත් වඩා සවුත්තු විදියට

  3. Professor says:

    Laksha 62 k chande deepu thanakola kana ekek umbaa kiyayi.

  4. samuvel says:

    මෙ මිනිහා කියන්න කලින්ම සැමදෙනාම ඕක දන්නවා. ඔය වගේ එක වැඩක් කරපු අමනයෙකුට සිර දඬුවම් සහ දඩ පවා ලැබුනා මහිනන්ද පාලනයෙන්. මහින්ද ගේ කඩේ බඩු සවුත්තුයි කියලා, බඩු විශ්වාස නැති කඩයකට මයිත්‍රී ට ලයිසන් දුන්නේ මුන්ම තමයි.

  5. hema says:

    Ane dewdath noditi mokpura

Main News