ඌව මහ ඇමති මුලින්ම එල්ලා මරන්නැයි ජනපතිට කියයි..
July 24, 2018 at 3:50 pm | lanka C news
‘අතිගරු ජනාධිපතිතුමා දැන් කියනවා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා කියලා. එල්ලුම් ගහ ගෙනැල්ලා ඉස්සරවෙලාම එල්ලන්න එකෙක් ඉන්නවා. ඒ තමයි උෟව පළාතේ මහ ඇමැති.
එදා විදුහල්පතිතුමිය දණ ගස්සපු වෙලාවේ ඔය මහ ඇමැති එළෙව්වා නම් අපි දිනනවා මීටත් වඩා උඩින්. එදා එහෙම කළේ නැතිව තව මාසයකට පස්සේ නැවතත් දුන්නා මහ ඇමැතිකම. එහෙම දීලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්වරයෙක් හැටියට පත් කරලා තියෙනවා. මේවා තමයි අපි ගත්ත විපාක” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා මහියංගණයේ පැවැති ජනහමුවේදී ප්‍රකාශ කළේය.
ඒ මහතා එලෙස ප්‍රකාශ කළේ උෟව පළාතේ හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් තිදෙනකු විපක්ෂයේ අසුන් ගැනීමේ සිද්ධියද පසුබිම් කර ගනිමිනි.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය.
‘පසුගියදා උෟව පළාතේ මහ ඇමැති කියනවා මට පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ගෙන් කිසි ප්‍රශ්නයක් නෑ. ලක්ෂ 20ක් හරි කොන්ත්‍රාත්තුවක් හරි දීලා ජොබ් එකක් දීලා හරි, එයාලා මම බාගෙන ඉන්නේ කියලා. මම අහන්නේ උෟව පළාත් සභාවේ සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු සියල්ලම එහෙම දුන්නේ නෑ කියලා දිවුරුම් ප්‍රකාශ දෙන්න කියලා මම එයාලට කියනවා.
ජනාධිපතිතුමා දැන් කියනවා මම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා කියලා. එල්ලුම් ගහ ගෙනැල්ලා ඉස්සරවෙලාම එල්ලන්න එකෙක් ඉන්නවා. ඒ තමයි උෟව පළාතේ මහ ඇමැති.
අපේ ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අපේ කරපිටින් ගියා. ජනාධිපතිතුමා පත්කරපු මහ ඇමැතිවරයා අල්ලස් දීලා තියෙනවා. ඒක එයාගේ කටින්ම කිව්වා. අල්ලස් දීම වැරැද්දක්. එහෙම අල්ලස් දීපු මහ ඇමැති එල්ලා මරන්න කලින් තනතුරින් එළවන්න මේ ආණ්ඩුව ක්‍රියා කරලා පෙන්නන්න සද්භාවයෙන්. ඒ කරනවා නම් මේ රටේ ජනතාව පිළිගනියි යහපාලන ආණ්ඩුව මොකක්ද කියන කාරණය’
– mawbima
චීන ඌරෙක් පලාත් සභාවට තෝරපු වල් ඌරන් එල්ලා මරනු.
Kathawa Nam 100% Hari.ewunata elawanne Neha.
නෑ . නෑ නිකම්ම පුපුරලා අවමංගලම් ලඞදීම????