එංගලන්තයේ කොමන්වෙල්ත් ගිය කණ්ඩායමේ 10ක් පැනලා.. පොලිසියෙන් ඇල්ලුවත් නීතිමය පියවර නෑ…

August 8, 2022 at 12:02 am | lanka C news
එංගලන්තයේ කොමන්වෙල්ත් ගිය කණ්ඩායමේ 10ක් පැනලා.. පොලිසියෙන් ඇල්ලුවත් නීතිමය පියවර නෑ…

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු අතුරුදන් වී තිබේ.

මෙම අතුරුදන් වූ පිරිසට පුහුණුකරුවෙකු සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු ඇතුළත්ය.

මුලින්ම පලාගිය තිදෙනෙකු සොයා ගැනීමට එංගලන්තයේ පොලිසිය කටයුතු කර ඇතත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ට මාස හයකට වීසා තිබීම සහ නීති විරෝධී කිසිවක් සිදුකර නැති වීමයි.

16,297 views

9 Comments to “එංගලන්තයේ කොමන්වෙල්ත් ගිය කණ්ඩායමේ 10ක් පැනලා.. පොලිසියෙන් ඇල්ලුවත් නීතිමය පියවර නෑ…”

  1. බයිසන් says:

    එංගලන්තෙට පැන්නාට වැඩක් වෙන්නෙ නැහැ. ආදායම් මාර්ගයක් නැත්නම් දුක් විඳින්න වෙනවා.

  2. Mahesh says:

    ජනාධිපතිත් පැනපු එකේ ඔක මොකක් ද?

  3. රාලහාමි says:

    සිංහල අයට යන්න තියෙන ක්‍රමය මේක තමයි. දෙමළ කොටි ත්‍රස්තවාදීන් බොරු කතාවක් ගොතාගෙන ඕස්ට්‍රේලියාව කැනඩාව එන්ගලන්තය වගේ රටවල් වලට සරණාගතයින් ලෙස පැනගන්නවා. අවුරුදු ගානක් පරණ පත්තර වලින් ගෙවල් ගිනිඅරගත්ත පිංතූර කපාගෙන ඒවා තමන්ගේ ගෙදර යයි පෙන්නමින් රඟපෑම් කරනවා. උන්ට මිරිස් ගෝනියක දාලා ගැහුවා කියනවා. ලන්කාවෙ විපක්ෂ නායකයා දෙමළ නේද කියලා ඇහුවාම කියන්නේ ලන්කාවෙ ඒතරමට ම්ලේච්ඡ මිනිසුන් ඉන්නවා කියලා. කොටි ඩයස්පෝරාවේ සල්ලි වලින් කප්පම් මුදල් ගෙවලා කොහොම හරි මේ අයට සරණාගත තත්වය ලබා දෙනවා. ඊට පොරොන්දු විදිහට මේ සරණාගත පිරිස ලන්කාවට විරුද්ධව පෙලපාලි ගිහින් උද්ඝෝෂණ කරන්න පොරොන්දු කර ගන්නවා. මේ සරණාගත පිරිස එදා ඉඳලාම ලන්කාවට විරුද්ධව ව්‍යාජ තොරතුරු සපයන්න සහ ප්‍රමුඛ දේශපාලන නායකයන් හට චෝදනා එල්ල කරන්න යොදා ගන්නවා. ලන්කාවෙ සිංහල මුස්ලිම් ජනතාව කොටි කල්ලියේ මිනීමැරුම් වල පිංතූර නොපෙන්නන නිසා ලෝකයම හිතාගෙන ඉන්නේ ලන්කාවෙ සිංහල මිනිසුන් ම්ලේච්ඡ වර්ගයක් විදියටයි.

    • Mudiyanse says:

      Saadaranayine. Apita mun mehema gahuwanam demalunta kohoma gahanna aththa. Saranagatha wela hari panapan raten

    • අනේමන්දා says:

      ඔකේන් වෙන්නෙ දැන් vist visa එකක් ගහන් යන්න බැරි වෙනවා ලංකාවේ එවුන්ට.

    • පිස්සු සාජන් says:

      ඒක තමයි, හැබැයි ඔහොම පැන්නම එහෙ පිලිගන්නෑ..අර නයි කෙබර නන් පිලිගන්නේ ලොකු කතා හදන නිසා.. ගැටලුව වෙන්නේ ඔහොම යන්ට ගිහින් visiting visa වත් නැතිවෙන තත්වයක් වෙන්නේ

  4. කිරිහාමි says:

    කරන්න තියෙන ලංකාවේ Immigration එකෙන් මේ අයගේ Passport Cancel කරලා දාලා Black List කරන එක

  5. Troy says:

    ⁣වැඩක් නැහැ Airport එකෙන් finger print අරගෙන තමා එලියට යවන්නෙ.. ඒ නිසා ⁣එයාලට මාස 6 ක එයාලගේ විසා ඉවර වුනම යන්න වෙනවා…ඡිවිතේට කිසිම විදිහකට මෙහෙ හරි විදිහට ඡිවත් වෙන්න බැහැ. දෙමල ඉන්දියන් බංගාලි ලග පවුම් 4-8 අතරෙ ගානකට ඕනා නම් job එකක් කරන්ඩ පුලුවන්.ඔහොම ආපු තව ලංකාවේ අය ඉන්නවා …ඒ අයත් එහෙමයි..අනාතයින් හැටියට අයදුම් කරන්ඩත් බැහැ finger print තියෙන නිසා..

  6. Ann says:

    They have 6 months visa they can live England until finished it. No rights to work, it’s not possible to switch another visa category, best thing is need return back to Sri Lanka decent way. Other wise they are going to put their life in the hel.

Main News