එංගලන්තයේ ශිෂ්‍යයෙකුට උසස් අධයාපන ලබා දෙන මුදල නැවත රජයට අයකර ගන්නවා…

August 21, 2017 at 5:30 pm | lanka C news
එංගලන්තයේ ශිෂ්‍යයෙකුට උසස් අධයාපන ලබා දෙන මුදල නැවත රජයට අයකර ගන්නවා…

‘බි‍්‍රතාන්‍ය වැනි රටවල රජය ශිෂ්‍යයෙකුට උසස් අධ්‍යාපනය ලබාදෙන මුදල නැවත රජයට අයකර ගන්නවා. ශ‍්‍රී ලංකාව මහා බි‍්‍රතාන්‍ය වැනි පොහොසත් රටක් නොවුනත්, අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට හැකිවීම පිලිබඳ අපි ආඩම්බර වෙනවා’ යයි ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පලකලේ යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ 25 වැනි සංවත්සර උත්සවයට පසුගියදා එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

‘නව රජය යටතේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස, අධිකණයේ ස්වාධීනත්වය හා රාජ්‍ය සේවයේ නිදහස ඇතිකර තිබෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයේ පූර්ණ නිදහසක් නව රජය මඟින් ඇතිකර තිබෙනවා. විශ්ව විද්‍යාල ස්වාධීනව පවත්වාගැනීමට එකී උපකුලපතිවරුන්ට සම්පූර්ණ නිදහස සහ බලය ලබා දී තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය නවීන ලෝකයට ගැලපෙන ආකාරයට වැඩිදියුණු කිරීමටත්, සියළු විශ්ව විද්‍යාලවල මානව හා භෞතික සම්පත් සංවර්ධනය ඉදිරි වසර කීපය තුල සම්පූර්ණ කරනවා. රටේ විශ්ව විද්‍යාල උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු පහසුකම් රජය මඟින් ලබාදී තිබෙනවා. එවැනි පසුබිමක් තුල රටේ අනාගතය බාර ගන්නට සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසියාකාරව පවත්වා ගැනීමට සියළු දෙනා කැපවිය යුතුයි.

මහා බි‍්‍රතාන්‍ය වැනි දියුණු රටවල නිදහස් අධ්‍යාපනය ගැන ලොකු සංවාදයක් තිබෙනවා. පාලක පක්ෂය නිදහස් අධ්‍යාපනය සඳහා වැඩියෙන් මුදල් අය කරන්න කියනවා. කම්කරු පක්ෂය පවසනවා නිදහස් අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා. නමුත් වත්මන් තත්වය නම් සිසුවෙකුට විශ්ව විද්‍යාල ජීවිතය පවත්වා ගෙන යන්න රජයෙන් ආධාර කරනවා. එක් සිසුවෙකුට බි‍්‍රතාන්‍ය පවුම් 50,000 ක් ලබා දෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්න. එම සිසුන් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය අවසන් කර රැුකියාවක් කර එම සියළු වියදම් නැවත විශ්වවිද්‍යාලයට ගෙවිය යුතුයි. නමුත් අපි ආඩම්බර වෙනවා අපි ඔවුන් තරම් පොහොසත් නොවුනත් අපි අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කිරීම ගැන’

– රජිත සමරසූරිය

17 views