එංගලන්තය ගෙනා ජිනීවා නව යෝජනාවෙන් ලංකාව පසසා තිබෙනවා.. එය වෙනස් නොකල යුතුයි.. සම අනුග්‍රහය දක්වනවා..- කිරිඇල්ල
March 14, 2019 at 10:40 am | lanka C news
මානව මානව හිමිකම් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාව ප්රසංශාවට ලක් කර තිබෙන බවත් ඒ යෝජනාව වෙනස් කිරීමට කටයුතු කිරීමට උත්සාහයක් නොගැනීමට වග බලා ගත යුතු බවත් රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය ම`ගින් ශ්‍රී ලංකාව පිළිබදව ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති වැය ශීර්ෂය අතරතුර පැවති පාර්ලිමේන්තු සාකච්ඡව අතරතුරය.
මෙහිදි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ,
‘ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වමින් මානව හිමිකම් කවුන්සිලය මගින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මම පසුගිය දවස්වල දුටුවා පාර්ලිමේන්තුවේ මේ යෝජනාව සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වෙනවා.ඒ් වගේම මෙම යෝජනාව ලංකාවට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනාවක් වශයෙන් හඳුන්වා දී තිබෙනවා.මම කැමතියි මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කිරීමට.මෙම යෝජනාව මගින් ලංකාවේ ආණ්ඩුව ප්රසංශාවට ලක් කර තිබෙනව’
මාධ්‍ය ඒකකය
රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය
හමුදාවෙ උන් කලේ රට වෙනුවෙන් ත්රස්තවාදීන් එක්ක පඩියට සටන් කරපු එකයි. එත් අලින්ට බලේ ඉන්න උදවු කරන්නේ උන් නෙමේ. කොටින්ට උදවු කල TNA එකයි. ඉතින් අලින්ට බලේ ඉන්න හමුදාවේ උන් හිරේ ගියාම මොකක් ද වෙන්නේ ඒක උන්ගේ වග කීම. මෝඩ කම. අලි වගේ පැත්තකට වෙලා උන්නනම් ඉවරයි නේ, කොටි එක්ක FIGHT කරන්නේ නැතිව. ආන්ඩුවේ හොඳ කියල පුංචි ටොක්කක් ඇන්නට මොකද ආන්ඩුවට හොඳ කියන ටික දෙනෙක් හරි තවම ඉන්නවනේ. ඉතින් ඒ අයගේ පැත්ත ගන්නේ නැතිව වෙන මොකාගේ පැත්ත ගන්නද?