එංගලන්තය 2009ට පෙර කොළඹ වගේ වෙයි.. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලන්ඩන් බ්‍රිජ් අසලදී 13 ක් මරුට..

June 4, 2017 at 10:40 am | lanka C news
එංගලන්තය 2009ට පෙර කොළඹ වගේ වෙයි.. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලන්ඩන් බ්‍රිජ් අසලදී 13 ක් මරුට..

ඊයේ ලන්ඩන් වේලාවෙන් රාත්‍රි 10 ට එනම් ශ්‍රීලංකාවේ වේලාවෙන් අද උදේ 3 ට පමණ පිට පිට 3 වෙනි ත්‍රස්තවාදී ප්‍රහාරයත් එංගලන්තයට එල්ල වී ඇති බැව් වාර්තා වේ.

මෙයින් මේ වනවිට සමාන්‍ය වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ත්‍රස්තවාදීන් බෝම්බ කට්ටල පැලදගෙන සිටි බැව් ලන්ඩන් පොලිසිය වාර්තා කරයි.

පොලිසිය විසින් එල්ල කල ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් 3 දෙනෙකු මිය ගිය බැව් වාර්තා කොට ඇත.

2009 ට පෙර කොළඹ මෙන් නිරන්තරයෙන්ම් ත්‍රස්තවාදී ප්‍රහාරයන් එල්ලවන රටක් ලෙස එංගලන්තය පත් වි ඇති බැව් එංගලන්තයේ සිටින ශ්‍රිලාංකිකයෙකු අප වෙත වාර්තා කොට ඇත. link

571 views
Main News