එංගලන්ත නිල සංචාරයේදී දිණමින මාධ්‍යවේදිනිය පනී.. ආණ්ඩුවෙන් ස්වයං විශ‍්‍රාමයත් ගෙවයි..

December 8, 2016 at 7:06 am | lanka C news
එංගලන්ත නිල සංචාරයේදී දිණමින මාධ්‍යවේදිනිය පනී.. ආණ්ඩුවෙන් ස්වයං විශ‍්‍රාමයත් ගෙවයි..

රාජකාරී කටයුත්තකට ගොස් සිටිය දී එංගලන්තයේ දී අතුරුදන් වූ දිනමිණ මාධ්‍යවේදිනියකටත් ලේක්හවුස් ආයතනයේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය යටතේ රුපියල් ලක්ෂ පහළොවක පමණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු යොදා තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ මාධ්‍ය ආවරණ කටයුත්තකට සහභාගී වීම සඳහා දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදිනයක එංගලන්තය බලා ගොස් ඇති අතර දිනමිණ නිර්දේශය මතය.

නොවැම්බර් මස 06 සහ 07 දිනවල ඒ සඳහා සහභාගී වීමට අනුමැතිය ලැබී ඇති අතර එහෙත් ඇය නැවත සේවයට වාර්තා කර නොමැත. ඇයගේ හිතවතකු රටේවත් නොමැති තැනැත්තියකට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් එංගලන්තයේ තවදුරටත් රැඳී සිටීමට නීත්‍යානුකූල අනුමැතිය ආයතනය හරහා ලබා ගෙන ඇත.

ඒ අතර තුර ආයතනයේ ‍ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයේ දෙවැනි අදියර ක්‍රියාත්මක වී ඇති අතර වහා වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් එංගලන්තය බලා ගිය නැවත රටට නොපැමිණ එහිම රැඳී සිටීම මුළුමනින්ම නීතිවිරෝධී කටයුත්තක් වන අතර වන්දි ගෙවීම තබා ඇය ආයතනය පැත්ත පළාතේ වැද්ද නොගෙන සේවයෙන් පහ කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.

එහෙත් රටේත් ආයතනයේත් නම විකුණමින් විදේශගතව වන්දිත් ලබාගෙන යහතින් එංගලන්තයේ ජීවත් වන්නේ අහිංසක සේවක සේවිකාවන් රැසක් අනාගතය පිළිබඳ කිසිදු සුරක්ෂිතතාවක් නොමැතිව සොච්චම් වන්දියක් ලබාගෙන නිවෙස්වලට ගොස් සිටියදී වීම කණගාටුවට කරුණකි.

– සදමිණි

51 views
Main News