එංගලන්ත ශාඛාව ජාතික හෙළ උරුමය අතහරී.. පිවිතුරු හෙළ උරුමය සමග එක්වෙයි..
October 13, 2018 at 8:02 am | lanka C news
එක්සත් රාජධානියේ ජාතික හෙළ උරුමය ශාඛාව දිගු කලක් ඔවුන් හා පැමිණි ගමන් මගට නැවතීමේ තිත තබමින් පසුගිය දා පිවිතුරු හෙළ උරුමය සමග එක්විය.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී විශේෂඥ මනෝ වෛද්‍ය රණතුංග මහතා එක්සත් රාජධානියේ පිවිතුරු හෙළ උරුමයේ සභාපතිවරයා වශයෙන් තේරී පත් වූ අතර ඊට සමගාමීව නව නිලධාරී මඩුල්ලක් ද තෝරා පත් කර ගැනුණි.
ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම, පොදුජන එක්සත් පෙරමුණේ එක්සත් රාජධානිය ශාඛාවේ සම සභාපති අනුර මැද්දෙගෙදර, ජාතික නිදහස් පෙරමුණේ එක්සත් රාජධානිය ශාඛාවේ සභාපති වජිර කමල් සමරක්කොඩි සහ ස්වීඩනයේ නියෝජිත චන්දු එස් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්විය.
– අරවින්ද අතුකෝරල
එක්ස් එල් දාල ගණන් හැදුවොත් වරදින්න බෑ උපරිමේ දොළහට මෙහා.