එකගතාව පිලි නොගනී.. වතු කම්කරු මූලික වැටුප 1000ක් ඉල්ලා සත්යග්රහයක්..
January 26, 2019 at 5:30 pm | lanka C news
වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එක්බද්ධ වෘත්තිය සමිතියත් රජය පාර්ශවයත් එක් වි තම දෛනික මුලකි වැටුප රු 700 දක්වා වැඩි කිරිමට ගත් එකගතාවය පිලි නොගන්නා බව පවසමින් වතු කම්කරුවෙක් හැටන් නගරයේ මල්ලිඅප්පු මංසන්ධියේ සත්යග්රහයක් අරම්භ කර ඇත.
අද (26) උදැසන 10 ට හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පදිංචි 57 හැවිරිදි සිවනාද ගනේෂන් විසින් මෙම සත්රයග්රහය අරම්භ කර ඇත.
තමන්ට රු 1000ක මුලික වැටුපත් ලබාදෙන ලෙස වතු කම්කරුවන් කිසිවෙක් දේශපාන අධිකාරියෙන් ඉල්ලා නොසිටි බවත්, දේශපාන අධිකාරිය විසින්ම රටේ දැනට පවතින ජිවන වියදම අනුව රු 1000 දෛනික මුලික වැටුපක් ලබාදෙන බව ප්රකාශ කරමින් රු 700 ක දෛනික මුලික වැටුපක් ලබාදිමට කටයුතු කිරිම පිලිගත නොහැකි බව නිවනාද ගනේෂන් කියා සිටියි.
රටේ දැනට පවතින ජිවන වියදම අනුව එම රු 700 මුලික වැටුප ප්රමාණවත් නොවන බවත්, දේශාපාලන අධිකාරිය මගින් පොරොන්දු වු රු 1000 ක දෛනික මුලික වැටුප ලබාදෙන ලෙස සිවනාද ගනේෂන් කියයි.
– හැටන් රංජිත් රාජපක්ෂ