‘එකට එකක් නොමිලේ..’ මොස්කවු ශ‍්‍රී ලංකා ගුවන් යානා සංචාරකයන්ගෙන් පිරේ…

October 8, 2021 at 12:40 pm | lanka C news
‘එකට එකක් නොමිලේ..’ මොස්කවු ශ‍්‍රී ලංකා ගුවන් යානා සංචාරකයන්ගෙන් පිරේ…

මේ මාසයේ හා ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානා වල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවති.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නුවර සිට සතියකට වරක් සෘජු ගුවන් ගමනක් සිදු කරයි. ඒ අනුව ඔක්තෝම්බර් 09, ඔක්තෝම්බර් 16, ඔක්තෝම්බර් 23 හා ඔක්තෝම්බර් 30 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල් 534 ගුවන් යානය මොස්කව් සිට මෙරටට පැමිණීමට නියමිත අතර මෙම ගුවන් යානා මගින් මෙරටට පැමිණීම සඳහා දහසකට ආසන්න පිරිසක් ආසන වෙන් කරගෙන තිබේ.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් ආරම්භ කලේ පසුගිය ජූලි 31 වෙනිදායි.ඒ වසර හයකට පසුවය. සැප්තැම්බර් 03 වෙනිදා සිට රුසියාව කේන්ද්‍ර කරගත් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආරම්භ කලේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කෙරිණ. කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශයන්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීම අත්හිටුවා තිබූ අතර එය යළි ආරම්භ කලේ ද රුසියාවේ මොස්කව් නුවර පැවැති සංචාරක ප්‍රදර්ශනයකට සහභාගි වෙමිනි. සංචාරක ඇමතිවරයා එහිදී එරට මාධ්‍ය, සමාජ මාධ්‍ය සමගත් සංචාරක සංවිධාන නියෝජිතයන් සමගත් විශේෂ සාකච්ඡා වට කීපයක්ම පැවැත්වීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමතිවරයා උපදෙස් දුන්නේ රුසියානු සංචාරකයන්ට සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමතිවරයා උපදෙස් දුන්නේ රුසියානු සංචාරකයන්ට සහන පැකේජයක් හඳුන්වාදෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට ‘Bye One Get One’ ක්‍රමය හඳුන්වා දී තිබේ. මේ තත්වය එරට සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හේතු වී තිබේ.

රුසියානු සංචාරකයන් වැඩිම පිරිසක් ශ්‍රී  ලංකාවට පැමිණ ඇත්තේ 2019 වසරේදීයි. එම වසරේ මෙරටට පැමිණි රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 86,000ක් පමණ වේ. 2020 මාර්තු මාසයේ සිට මෙරට කොවිඩ් වසංගතය හේතුවෙන්  සංචරණ සීමා පැවතිය ද 2020 වසර තුලදී මෙරටට රුසියානු සංචාරකයන් 49,397ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉදිරි මාස 02ක කාලය තුල මෙරටට රුසියානු සංචාරකයන්ගේ  පැමිණීමේ විශේෂ වර්ධනයක් දක්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

– ප්‍රදීප් අනුර කුමාර

106,669 views

12 Comments to “‘එකට එකක් නොමිලේ..’ මොස්කවු ශ‍්‍රී ලංකා ගුවන් යානා සංචාරකයන්ගෙන් පිරේ…”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    අපිටත් දීපං ගස්බල්ලො බයි වන් ගෙට් වන් ෆ්‍රී ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ ටිකට්ස් ! ඇයි අපි කලුද ?

    • පැනමා පේපර්ස් says:

      ඇයි පැනමා පැතතේ ටුවර් එකක් යන්ඩද? ඒ කෝ බං පාට පාටහාමු මෙි දවස්වල මිික් නෑ….

      • පැන්ඩෝරා පේපර්ස් says:

        වද දෙන එකෙත් සීමාවක් තියාගනිම්කො.😂😂😂

  2. Piyal says:

    ප්‍රසන්න වැඩිඩෙක්… සුපරි ඈ,,,,

    • පව් බං මිනිස්සු says:

      Oww Waddek wenna athi tho wage KABBANTA nam..ekane thopi oya wage gas ballonta chande denne

  3. වීවේෂ් සොයිසා says:

    බිස්නස් කරන්නේ ඔහොමද බුරුවෝ. හෙට දවසේ කපල් එකටම නිකන් සීට් දෙයි. ඇමති යාළුවන්ගේ හොටල් පිරෙනවා, ජනතාව ශ්‍රී ලංකන් එයා ලයින් පාඩුව දරනවා. ආණ්ඩුව ගෙදර පල.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      උබට පිස්සුද ශ්‍රී ලන්කන් එක රජයේ දේපලක් , ඒකේ පාඩුව දරන්න ඔනේ මහජනතාව , ඒ වගේද ටුවරිසම් කොම්පැනි ටිකයි , හොටෙල් ටිකයි ; එව්වා පාඩු ලබලා කොහොමද ?

  4. CHAMARA says:

    “Bye One Get One” ?. Kisima Venasak nane.

  5. Didi says:

    බොහොම කණගාටුයි. තොපිලා පිටරට එවුන්ට buy one get one දීලා අපෙන් ගසා කන කාලකන්නි. අපි UL fly කරන එක නැවැත්තුවා. දැන් යන්නේ Emirates.

  6. සිංහලයෙක් says:

    Lanka c news කරුනාකරලා ලෝක කෝවිඩ් මරන පෙන්නන චාර්ට් එක මේකෙ දාන්න එතකොට දවසට 800- 900 අතර රුසියාවේ මැරෙනව දකින්න ප්ලුවන්, ඒ වගෙම දවසට 18000 – 40,000 අතර හෝ වැඩි පොසිටිව් රෝගීන් සිටිනවා බලාගත හැකියි, මෙය බොරුවක් නොවෙයි. 🙏

  7. මෝ says:

    කෙලවිලා ලොන්තපෝල් වෙලා,ඉන්නඑයා ලංකා එක බයි වන් ගෙට් වන් ෆ්‍රී දෙන්නෙප්‍රසන්නයගෙ අප්පගෙ බූදලෙන් වෙන්න ඇති.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      රජපවුලේ උත්තමාවියගේ සහොදරයා දාලා කෑවා නැතිවෙන්න ශ්‍රී ලන්කන් එක ඌ ගහන්න පුලුවන් ගේම් ඔක්කොම ගහලා එයාර්බස් SAS සමාගමේ මව් සමාගම වන ,RADS HR/SSC France නමැති ප්‍රංශ සමාගමක් මගින් ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය එකම අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන Biz Solutions සමාගම විසින් පවත්වාගෙන ගිය ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් 2013.12.27 වෙනි දින එවා ඇති අතර කපිල චන්ද්‍රසේන එම මුදල ඔස්ටේ්‍රලියානු Commonwealth Bank හි පවත්වාගෙන ගිය ගිණුමකට මාරු කර තිබ්බා , අන්තිමට නිමල් පෙරෙරගේ ගිණුම් වලත් ඒ මුදල් තිබ්බා කියලා ඔප්පු උනා , හොරා කාලා කාලා , කාලම දැම්මා තොපි හැතිකරේ ; ඉතුරු ටිකත් කාලා බිමට සමතලා කරලා දාන්න හදන්නේ මේ කද බඩ මහත ගොබ්බයා.

Main News