එකම ඖෂධය ඇමතිලා තුන්දෙනෙක් තුන්වරක් වෙලදපලට හදුන්වාදීලා.. මෙවර කෙහෙලියත් අන්දලා..

August 18, 2022 at 3:20 am | lanka C news
එකම ඖෂධය ඇමතිලා තුන්දෙනෙක් තුන්වරක් වෙලදපලට හදුන්වාදීලා.. මෙවර කෙහෙලියත් අන්දලා..

රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් අලුතෙන් නිෂ්පාදනය කර වෙළඳ පොළට හඳුන්වා දෙන බව කියූ ඖෂධ වර්ග දෙකක් මීට ඉහතදී ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුගේ සහභාගිත්වයෙන් හඳුන්වා දී ඇති බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පෙරේදා දිනයේ මෙම හඳුන්වාදීමේ උත්සවය පැවති අතර එහිදී තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin 50mcg, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole 20 mg කරල් සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid 50 mg යන ඖෂධ හඳුන්වා දෙනු ලැබිය.

නමුත් ඉන් එක් ඖෂධ වර්ගයක් හිටපු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ පාලනය කාලයේදීද තවත් ඖෂධ වර්ගයක් හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන මහතාගේ කාලයේදීද උත්සව පවත්වා වෙළඳපොළට හඳුන්වා දී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව කරුණු සඟවා නැවත උත්සවයක් පැවැත්වීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඉහළ නිලධාරියෙකුට චෝදනා එල්ල වී ඇතැයිද වාර්තා වෙයි.

31,169 views

12 Comments to “එකම ඖෂධය ඇමතිලා තුන්දෙනෙක් තුන්වරක් වෙලදපලට හදුන්වාදීලා.. මෙවර කෙහෙලියත් අන්දලා..”

  1. Diesel says:

    මෙහෙම ආර්ථික අර්බුධයක් නොවුනා නම් ‌බොහෝ දුරට මේක ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නොසොයා ඉන්නට ඉඩ තිබුනා

  2. Gona Mark says:

    Dan inna amathiyanwa lehesiyen gonnunta andawanna puluwan saha andagaena inna bawa niladaareen hondata dannawa. Ekai, ekama aanduwe thun denekwama gonnunta anduwe/andagaththe.

Main News