එකම දිනයක එකම අංක සහිත ලොතරැයි දෙකක්.. ලොතරැයි මණ්ඩලය වංචාවකද.. මහජන විශ්වාසය දැඩි ලෙස බිද වැටීමේ තත්වයක්..
January 6, 2021 at 10:40 am | lanka C news
මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද පැමිණිල්ලක් මෙහි දක්වෙයි.
අධ්‍යක්ෂක
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
කොළඹ.
ගරු අධ්‍යක්ෂකතුමනි,
මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වීම
2020.12.31 දින දිණුම් අදින ලද ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වී ඇති බවක් නිරීක්ෂණය වේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවී ඇත.
https://www.facebook.com/173826899983611/posts/707249853307977/
ලොතරැයි මුද්‍රණ ක්‍රියාවලියට අංක සටහන් වීම පරිගණක පද්ධති ඇසුරෙන් සිදු වන බව අපගේ දැනුමයි. එවැනි පසුබිමක මෙලෙස එකම අංක දෙපාරක් මුද්‍රණය වීම වංචාවක් ද යන්නට සැකයක් සමාජයේ ඇති කරන කාරණාවක් වන අතර, ඒ හරහා මණ්ඩලයට පාඩුවක් හෝ ලොතරැයි මිලදී ගන්නා පාරිභෝගිකයාට පාඩුවක් සිදු විය හැකිය.
මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටින අතර, එවැනි දේ නැවත සිදු නොවීමට හා ලොතරැයි කෙරෙහි විශ්වාස බිඳවැටීම වැළැක්වීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් එම විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
අසේල සම්පත්,
අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක
මහජන අයිතීන් සුරැකීමේ පදනම
Mobile: 0788714726
චිරන්ත අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක
මහජන අයිතීන් සුරැකීමේ පදනම
රවී අත ගහපු තැන් ඔහොම ම තමා!
රවිලා චාටර් කරපු තැන් ටික හදන්නනේ බං පුන්නක්කු 69 , දියසේණ කුමාරයෙක්ව පත්කරගත්තේ , මුන් ,උන්ට වැඩිය පජාතයි නේ බං , B4 යුඇන් පී දැං “කන්නේ පුන්නක්කු” කියලා නම යස අගේට උබට ගැලපෙනවා. 😂😂😂
JVP, UNP අපි හොරා කාලා ගූ කරපු තැන් හදන්න තමයි උඹලාට බලය දුන්නේ.. උබලගෙන් පස්සෙ අපි ආපහු සදාලෝක කුජීත ලම්බොර්ගිනි, වොක්සාවැගන් බොරු කියලා අරගෙන හොරා කාලා, හලාල් බෝම්බ ගහලා මිනීමරලා ගූ කරනවා.. ආපහු උඹලට දෙනවා පොඩ්ඩක් හදලා දෙන්න කියලා අපිට හොරා කන්න.. එහෙම දිගටම කරනවා..
I buy lottery for 35 years now but not win prize over Rs.100. Now stop buy as they are cheat and Rob money from peoples.
ටිකට් අරන් වැඩක් නැ. රුපියල් 20 ක් වත් නැ වැඩිහරියක.
මේ අය තමන් ලබන ලාභය එක වරම දෙගුනයක් කරගත් හැටි කවරෙකුට හෝ මතකද? ඉස්සර රුපියල් 10ට තිබුන ටිකට් පතක මිල මේ අය දෙගුනයක් කරන ලදි. ඒ සමගම ලබාදෙන තෑගි මුදල්ද දෙගුනයක් කල නිසා කිසිවෙක් ඒ ගැන නොසිතන ලදි. එහෙත් සියල්ල දෙගුන වද්දී ඔවුන් ලබන ලාභයද දෙගුනයක් වූයේ නිතැතින්මය.
lotharei kiyanne lokema vanchaa kerena maadyak. eke garaanaawa siduwenne maha unge aashirwaadayen. duppathunta balaaporoththuwa deela arina gemak thamai lothareiya.
ජාතික ලොතරැයි මණ්ඩලය වසන වන්තයන් දෙන්නාට දෙකට බෙදල දෙයි
මේ ඇට බෝල සෙල්ලම තියෙනකන් මිනිස්සු ඉන්නෙ සිහින ලෝකවල. ඒ නිසා මේ වගේ පජාත වැඩ සිදුවී මේ ඇට බෝල කෙලිය මකබෑ විය යුතුයි රට සන්වර්දනය වීමට නම්.
Appaaa!!! Onna baka panditha supermanla tika okkoma eliyata behala vedi bana desanawa!!!!
මටනම් මෙහි පුදුමයක් නැත. විදේශ වලත් එකම අංකය සහිත ටිකට් පත ඇත. නමුත් බාර් කෝඩ් එක වෙනස්.