එකම දිනයේ සිසු විරෝධතා 06ක් ජනපති මැදුරට.. කදුළු ගෑස් ඉල්ලගෙනම ඇවිත්.. නමුත් සාකච්චා කර යවයි..

January 30, 2020 at 6:26 am | lanka C news
එකම දිනයේ සිසු විරෝධතා 06ක් ජනපති මැදුරට.. කදුළු ගෑස් ඉල්ලගෙනම ඇවිත්.. නමුත් සාකච්චා කර යවයි..

උපාධි සහ ඒ හා සමාන උසස් ජාතික ඩිප්ලෝමාධාරින්ට පොරොන්දු වූ පරිදි රැකියා ලබාදිමට අවශ්‍ය සියලු තොරතුරු රැස්කර අවසන්ව තිබේ. මූල්‍ය ප්‍රතිපාදන  සැලසීමේ ක්‍රියාවලිය ද සිදු වෙමින් පවතී.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු අනුව උපාධියට සරිලන රැකියාවක් ලබාදීම රජයේ අරමුණයි. පොරොන්දු වූ පරිදි පනස් තුන්දහසකට ආසන්න සියලු උපාධිධාරින්ට රැකියා ලබාදිම මාර්තු 01 වනදා  ඇරඹේ.

විවිධ රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් සහ කොන්ත්‍රාත් පදනමෙන් සේවයේ නියුතු දින 180 සම්පූර්ණ කළ පිරිසගේ රැකියා සුරක්ෂිතතාව සහ ස්ථීරභාවය පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබේ. අදාළ ආයතන සමග සාකච්ඡා කර  සූදුසුකම් ඇති සියලුදෙනා ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ. විශ්ව විද්‍යාලෙ සහ වෙනත් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන  සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද ගතවූ දෙමස තුළ පුළුල්ව අධ්‍යයනය කරනු ලැබීය.

එකී ගැටලුවලට කඩිනමින් හොඳම  විසඳුමක් දීම  රජයේ අපේක්ෂාවයි. උද්ඝෝෂණකරුවන්ට ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ විරෝධය පළ කිරීමට පූර්ණ නිදහස ලබාදී ඇත. මෙය ඉතිහාසයේ  කිසිදු රජයක් නොගත් තීරණයකි.‍

ගැටලු විසඳා උද්ඝෝෂණ සහ විරෝධතා ඇතිවීමට මුල්වන සාධක ඉවත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරිහූ උද්ඝෝෂණකරුවන්ට ඇහුම්කන්දීමට විශාල කාලයක් වැය කරති. විරෝධතා දක්වන කණ්ඩායම්වල ඉල්ලීම් බොහෝ සෙයින් සමානය.

29 දිනයේ පමණක් කණ්ඩායම් 06 ක් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ උද්ඝෝෂණය කළහ.  මේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට නිලධාරින්ට විශාල කාලයක් වැය වේ. මෙහි ප්‍රතිඵලය ඔවුන් වෙනුවෙන් රජය ඉටුකිරීමට අපේක්ෂා කරන වැඩසටහනට වෙන්කළ කාලය  දිනෙන් දින අපතේ යාමය. විරෝධතා නිසා ඇතිවන මාර්ග අවහිරතා ජනතාවට මහත් පීඩාවකි.  විරෝධතාකරුවන්ගේ ද කාලය, ශ්‍රමය සහ මුදල් අනවශ්‍ය ලෙස අපතේ යයි. මේ යතාර්ථය තේරුම්ගෙන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාසය තබා එය සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි සියලු උද්ඝෝෂණ කණ්ඩායම්වලින් රජය ඉල්ලා සිටි.

– මොහාන් කරුණාරත්න

74,445 Viewers

19 Comments to “එකම දිනයේ සිසු විරෝධතා 06ක් ජනපති මැදුරට.. කදුළු ගෑස් ඉල්ලගෙනම ඇවිත්.. නමුත් සාකච්චා කර යවයි..”

  1. Upakulapathi says:

    කඳුළු ගෑස් සහ ජළප්‍රහාර අනිවාර්යයෙන් ඉල්ලා සිටින බැවින් ලාවට එකක් දෙකක් දියයුතුය. නැත්තන් සිසුන් පාඩම් වැඩ පමනක් කරන්ට පටන් ගන්ට පුළුවන. එවිට කිසි ජොලියක් නැත.

    • මහජනයා says:

      පුළුවන් තරම් අවශේෂ ප්‍රවෘති වලින් තම වෙබ් නිවස් සයිට් එක පුරවමින් ප්‍රයෝගකාරීව තමන්ට අවාසි පුවත් මගහරින මොවුන්ගේ ජඩ ජනමාධ්‍යය කලාව වටහා ගන්න.උදාහරණ ලෙස 1.මහබැංකු මංකොල්ලය ගැන වෝහාරික විගණනයෙන් එලිවූ කරැණු වලට උත්තර බැදීමටවත් මේ සයිට් එක ඉදිරිපත් නොවේ. 2.රටම දෙගිඩියාවට හා ත්‍රාසයට පත්කර ඇති MCC ගිවිසුම පිලිබඳව ජනපති හෝ අගමැති සෘජුව සහතිකයක් නොදී පිට කොන්දක් නැතිව නග්නව වැනීම සංවාදයට ගැනීම මගහැරීම.
      මේ කරැණු දෙකම රටේ ජනතාවට අතිශය තීරණාත්මක හා සංවේදි කරැණු දෙකක්.එමෙන්ම එම කාරණා දෙක ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණයට මුල් වූ ප්‍රධාන කරැණු දෙකක්.

      • මහජනයා says:

        රාජ්‍යයට අති උතුම් දිනයක් වන පෙබරවාරි 04 හෝ ඊට පෙර MCC ගැන තම ස්ථාවරය රාජ්‍යය නායකයා විසින් නිල වශයෙන් ජාතිය ඉදිරියේ ප්‍රකාශ කල යුතුය.
        MCC හා මහබැංකු මංකොල්ලය ගැන “පිට කොන්දක් නැතිව වැනීම” 69 ලක්ෂයක ජනමතය වංචා කිරීමකි.

        • Nandasoma Suriyaarachchi says:

          ඔක හැමදාම කියව කියව ඉන්න දෙයක්ද?
          MCC ගිවිසුම අත්සන් කරන්නෙ නැහැ කියල කියල තියෙන්නෙ……!

    • කලබල වෙන්න එපා. ඔය ආරම්භය විතරයි. මොකද ඕකුන් ඉල්ලන ඉල්ලීම් කොහොමත් ලේසියට දෙන්න බෑ. මේ පාර සාකච්ඡා කරල යයි. තව දෙතුන්පාරකුත් ඕකම වෙයි. දිගටම රවුමෙ යනව කියල දැනුනම ඔය ආතල් එක වෙනස් වෙයි. ඒව ඒ විදියට වෙනකොට මාර්තු මැතිවරණය පහුවෙයි. මාර්තුවලින් පස්සෙ කොළඹ එන්න ඕන නෑ, විශ්වවිද්‍යාලවලටම ඇවිත් ශිෂ්‍ය නායකයින්ට සලකල යයි. අද කීව කියල ලියල තියාගන්න.

  2. T says:

    Janadi Pathi Gotabaya Mathi Duni Obata Samma Sambudu Sararni Obage Me Rata Daya Goda Nagi Me Parama Aramuna Sarthaka Wewa!

  3. Bitter Truth says:

    හපොයි, මෝඩ ටොයියන්ට දැන් රිදිලා ඇති! කුමන්ත්‍රණේ වැරදුනානේ!

    • ගන්ජ බන්ඩා says:

      ජෙප්පො ජෙප්පො! ජෙප්පොන්ට දේසපාලනය කරන්න අලුත් ක්‍රම සහ විධි හොයන්න වෙලා නැත්නම් ඊලඟ ඡන්දෙදි 1% ට බහිනවා.

    • ගන්ජ බන්ඩා says:

      ජෙප්පො ජෙප්පො! ජෙප්පොන්ට කොල්ලො පාරෙ තියන්න නවක වදය කරන්න අලුත් ක්‍රම සහ විධි හොයන්න වෙලා නැත්නම් ඊලඟ ඡන්දෙදි 1% ට බහිනවා.

  4. sajith dasa prema says:

    excellent dear sir Gotabaya

  5. Alapaluwa says:

    මෙවැනි දේවල්වලට තරුණ අය පොළබවන්නේ වෙන කවුරුවත් නොවැ අර පර සක්කිලි ජ්ව්ප් යන නරුමයන් ඔවුනට අවශ්‍ය වන්නේ රටේ නැති කලබල ඇතිකර අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න එය අපි හොදින් දැනගතයුතු වන්න අවශ්‍යමයි.මොවුන් තමයි රටේම කාලකන්ණි දුෂ්ට සංවිදානය මොවුන්ට දියයුතු දඩුවම මේ මාර්තු මාසයේ සියලු ජනතාව විසින් තීරණය කළයුතුයි.මෙතනින් මොවුන්ගේ ගමන අවසන් කළයුතුයි.

  6. Dilshan says:

    We at JVP doesn’t want to solve problems please. Help our political carrier by NOT solving problems. It’s for our own survival you know All these year s we managed to survive by these protests. Now that we have just 3%vote base form the total number of voters please do not try to reduce numbers even more.
    Die hard JVP(branch of UNP) supporter

  7. siri says:

    Jeppo saha kurutugamiyo illannema Tear gas mona illeem dunnath jeppanwa sanaseema boru ohoma yamuko, janapathi thumage piliwela ratawasiyata viswasai.

  8. Kalana says:

    කොහෙන් හරි ජෙප්පන්ගේ කුරුට්ටන්ගේ කීමට කුණු ගොඩක් අරන් එනවා ගෝට ව අපහසු කරවන්න. කාලකන්නි.

  9. exUNPerV says:

    පෙරේතයාගේ ආහාරය සෙම් සොටු සේ ජෙප්පන් ගේ ආහාරය ගුටි කෑම​, කඳුලු ගෑස් කෑම . ඒවා නැතුව උන්ට පැවැත්‍මක් නෑ.

  10. මහනූවර තරුණ හඩ says:

    මේ සිසුන් ගේ නාඩගම් දැකලා අපිට නම් එපා වෙලා තියෙන්නේ. රටේ ජනතාවගෙ කාලය මුදල් දෙකම විනාශ කරනවා.ජනාධිපති කාර්යාලය ට ගොස් ප්‍රශ්ණ විසදා ගැනීම ට අවස්ථාව න් දැන් ලෑබි තියෙද්දී, කරුණාකර පටු දේශපාලන අරමුණු පසූපස නොයන්න.

  11. KolaJeppa says:

    Ane Janapathi thumani apiwa mehema winaasa karana epaa
    Apith minissu apita amathikam wage dewal karannath ba api jiwath wenne mokak Hari ratak Dena gaanak aragena. Mehema kalaama e adaayama nawathinawane.
    Please president don’t do this to us. We poor jvp/kurutugaami never ask for minister posts in any government for we cannot perform or do such responsible work. We live by money donated by some foregin countries for small services provided to them by us. So if you get these students to give up protests what are we going to show our pay masters? Please don’t kill our livelihood

  12. Sun says:

    There are leftists are behind the innocent students giving the backing. They use the idea of Carl Marx to make money for them. Not to serve people. JVP want to create problems rather than solving. That is the way of living and making money of these rude fellows. Cannot trust any of these fellows. When people are happy, the JVP cannot make money. Their principle is to create problems for them to survive……

  13. Lanka says:

    JVP really working hard to save Unp. They want to create havoc then they can speak during up coming election. Gotabaya is not a politician so he sees things differently. It will help to overcome many obstacles because of that. Thank u president.