එකම නායකයා මහින්ද පමණයි.. වෙන කිසිවෙකු එපා.. ගෝටා වේදිකාවේ තබාගෙන වෙල්ගම කියයි..

September 20, 2018 at 2:10 pm | lanka C news
එකම නායකයා මහින්ද පමණයි.. වෙන කිසිවෙකු එපා.. ගෝටා වේදිකාවේ තබාගෙන වෙල්ගම කියයි..

තම එකම නායකයා වන්නේත් තමන් නායකයා ලෙස පිළිගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ඉදිරියේදීද මේ රටේ පාලනය භාර ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවත් ඒ මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ සඳහන් කළේ නිදහස් කලා සන්ධාන මහ සමුළුව අමතමිනි.

මෙම සමුළුව පැවැත් වුණේ පානදුර උතුරු තලපත්පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මන්ත්‍රී කුමාර වෙල්ගම මෙම අදහස් පළ කරද්දී ඔවුන් දෙදෙනාම ප‍්‍රධාන ආරාධිත අසුන්වල සිටීමද විශේෂත්වයකි.

මෙම සමුළුව ඉතා විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර සමුළුව අවසානයේ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

209 views
Main News