එකම පවුලක දරු තිදෙනෙකුට ආහාර විෂවේ.. එක් දරුවෙකු මිය යයි.. අනෙක් දෙදෙනාට බරපතලයි..

May 31, 2019 at 2:08 am | lanka C news
එකම පවුලක දරු තිදෙනෙකුට ආහාර විෂවේ.. එක් දරුවෙකු මිය යයි.. අනෙක් දෙදෙනාට බරපතලයි..

යාපනය සරසාලෙයි ප්‍රදේශයේ ජීවත් වූ එකම පවුලේ දරුවන් තිදෙනෙකුට  ආහාර විෂවීමකින් රෝහල්ගත කිරීමෙන් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය ශාන්ත ජෝන් විදුහලේ දෙවන වසර ඉගෙනුම ලබන අවුරුදු 7 ක් වයසැති සත්‍යකරන් අභිකරන් නැමති සිසුවා ඇතුලු දරුවන් තිදෙනා නිවසේදී ගත් ආහාරයක් විෂ වීම හේතුවෙන් ඔවුන්ගේ දෙමාපියන් විසින් පසුගිය 10 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මෙසේ අද දින මිය ගොස් ඇත.

දින 18 ක් පුරාවට ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් තිදෙනාගෙන් එක් අයෙකු මෙසේ මිය ගොස් ඇති අතර සෙසු දරුවන් දෙදෙනාගේ තත්වයද බරපතල බවට රෝහල් නිලධාරීන් කියා සිටියහ.

මිය ගිය දරුවාගේ මරණ පරික්ෂණ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කෙරෙන අතර විෂ වූ ආහාර සම්බන්ධයෙන්ද පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,736 Viewers

One Comment to “එකම පවුලක දරු තිදෙනෙකුට ආහාර විෂවේ.. එක් දරුවෙකු මිය යයි.. අනෙක් දෙදෙනාට බරපතලයි..”

  1. DDD says:

    Theruwan Saranai, Obage deviyange aashirwadayai lebewa… Ikmanin Suwapath wewa.

Main News