එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා..

November 26, 2020 at 12:40 pm | lanka C news
එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා..

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන හිටිගේගම ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය (26) දින අසාදනය වි ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

අසාදිතයන් අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙකු, එක් කාන්තාවක් සහ අවු 3 ක ගැහැණු ළමයෙකු ද සිටින බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු කාන්තාවගේ වැඩිමහල් දියණිය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් සිදු කල අහඹු පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව එම තරුණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව තහවුරු විමෙන් අනතුරුව එම තරුණිය මාතර කඹුරුගමුව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇත.

එම අසාදිත තරුණියගේ නිවසේ සිටි පවුලේ සමාජිකයන් ස්වයං නිරෝදනයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව එම ආශ්‍රිතයන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

වෛරසය අසාදනය වු පස් දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවද අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයෙන් (25) දින සිට (26) දින අලුයම වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 7 දෙනෙකු හදුනාගෙන ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

35,556 views

3 Comments to “එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා..”

  1. අජානීය ඉස්කූටර් says:

    ලොකු කෙලී පාරේ බස් එකේද ගෙදර ගිහින් තියෙන්නෙ ?

    • Joy says:

      කොරෝනා වෛරස් මුස්ලිම් මළ මිනි හොරෙන් භූමදානය කරනවාද කියා සොයා බැලිය යුතුයි ,දැන් කොරෝනා පැතිරීම වැඩි වෙලා ..
      අද ලංකාවේ නීති සකස් කරන්නේ අන්තවාදී සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයද? එක රටක එක නීතියක් තිබිය යුතුයි ..මොකද්ද මේ ඉස්ලාම් ජාතිකයින්ට පමණක් විශේෂත්වයක් ? මන්නාරමේ කොරෝනා ආසාදිතයින් භුමදානය කරන්න උත්සාහ කිරීම ඉතා නින්දිතයි .. ජනපතිගේ නඩු 35 සබ්රි පෙනීසිටීම නිසාද අපේ රටේ ජනතාව අනතුරේ හෙලන්න උත්සාහ කරන්නේ ? ලැජ්ජයි

  2. Hi says:

    මේක නම් අති භයානකයි.මොකද මේ විදියට තමා ලංකාව ටම කොරෝනා යන්නේ.
    කොළඹ වැඩට ඈත පලාත් වලින් පැමිණෙන සේවකයන් නිසා එම පලාත් වලත් මෙය පැතිරේ.
    කරුණාකර දැන් වත් බලධාරීන් ගේ දෑස් ඇරේවා !!!!!

Main News