එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් රිය අනතුරකින් මිය යයි…

April 11, 2020 at 2:07 am | lanka C news
එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් රිය අනතුරකින් මිය යයි…

මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පරප්පණ්කණ්ඩාල් ප්‍රදේශයේදී 09 සවස සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම් සිට මැදවච්චිය දෙසට පැමිණි යතුරුපැදිය මන්නාරම් දෙසට අධික වේගයෙන් ගමන්ගත් කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසීය.

අනතුරින් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් වූ 40 හැවිරිදි එස්.ලින්ඩා සහ 25 හැවිරිදි එස්. ටෙරන්සි නැමති අය වන අතර මළසිරුරු මේ වන විට මන්නාරම් රෝහලේ තැන්පත් කොට ඇත.

අනතුරින් පසුව කැබ්රථයේ රියදුරු මුරුන්ගන් පොලීසියට භාර වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් මුරුන්ගන් පොලීසිය හා මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

221 views

One Comment to “එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් රිය අනතුරකින් මිය යයි…”

  1. Kali says:

    අනතුරට අදාළ ජායාරූපයමනන් මේ තියෙන්නේ, ලින්ඩයි ටෙරන්සියි පාරේ වැරදි පැත්තෙන් ඇවිත් කෙලවගෙන තියෙන්නේ (අනතුරේ ජායාරූපයක් කියල උපකල්පනය කරන්න වෙනවා ඉන්න හැමෝම මුහුණු ආවරණ පැළදගෙන ඉන්න නිසා). පාරට වසංගතයක් ඔය ඉන්දියන් ස්කූටර්, ගෑනු පදින්න ගත්තම මාරාන්තික වසංගතයක් …

Main News