එකම පාසැලේ සිසුන් 06කට කොරෝනා…

February 14, 2021 at 8:40 am | lanka C news
එකම පාසැලේ සිසුන් 06කට කොරෝනා…

පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය වෙස්ට්හොල් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් 06 දෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (13) දින තහවුරු වු බව එම සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සින්ඩ්‍රි මොහන් මහතා පැවසිය.

ඉකුත් 09 දින එම පාසලෙන් සිසු සිසුවියන් 15 දෙනෙකුට සහ එක් ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වු එම විදුහලේ 7 සහ 9 වසර වල පාසල් සිසුන් , ගුරුවරුන් සහ ආශ්‍රිතයන් 32 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පාසල තාවකාලිකව වසා දමා සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඉන් 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වු බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන් නාවලපිටිය වෙස්ට්හොල් , බාත් කෝබල් සහ ටෙම්පල්ස්ටෝ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්,එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,953 views

2 Comments to “එකම පාසැලේ සිසුන් 06කට කොරෝනා…”

  1. Kalana says:

    මුන් ඉදිරි පරම්පරාවත් විනාශ කරලා දාල තමයි නවතින්නේ. මොන රටේද පාසල් විවුර්ත කරලා තියෙන්නේ.

  2. saman says:

    අවුලක් නැහැ මන්ත්‍රී වරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට එන්නත් දීලා තියෙන්නේ. අවදානමක් නැහැ ඔවුන්ට

Main News