එකම මාවතක්-එකම තීරයක් අති දැවැන්ත ව්‍යාපෘතිය චීනයේදී ඇරඹේ.. පකිස්තානයාට උපරිම ඵල.. ඉන්දීයාව මග හරී.. ශ්‍රී ලංකාවට අඩු සැලකිලි.. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොට දෙතුන් ගුණයකින් වටිනාකම නගී..

May 15, 2017 at 12:20 am | lanka C news
එකම මාවතක්-එකම තීරයක් අති දැවැන්ත ව්‍යාපෘතිය චීනයේදී ඇරඹේ.. පකිස්තානයාට උපරිම ඵල.. ඉන්දීයාව මග හරී.. ශ්‍රී ලංකාවට අඩු සැලකිලි.. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොට දෙතුන් ගුණයකින් වටිනාකම නගී..

චීන ජනාධිපතිගේ සංකල්පයක් මත ආරම්භ වූ සේද මාවත සංවර්ධනය මහා සැලස්මේ සමුළුවට රුසියානු ජනාධිපති පුටින් සහ පකිස්තාන අගමැති නවාස් ශේර්ෆ් ඇතුළු රාජ්‍ය නායකයින් 29 දෙනෙකු සහභාගිත්වයෙන් චීනයේ බීජිංහිදී පවත්වනු ලැබු වූ බව ලෝක රොයිටර් සේවාව වාර්තා කරයි.

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ලෝකබැංකුව මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයෙ ලේකම්වරයා ඇතුළු ඇමරිකාව මෙන්ම බලවත් රටවල් කිහිපයක්ම නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වීම විශේෂත්වයකි.

මහින්ද රාජපක්ෂ යුගයේ අනාගත සේද මාවත මාර්ගයේ ඉතා වැදගත් සංධිස්ථානයක් වන ලංකාවේ දකුණු මුහුද ආශ්‍රිතව හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම විශාල ආර්ථික වාසි ලබාගැනීමට සැලසුම් කල ව්‍යාප්තියක් වන බව මෙම සමුළුව අධ්‍යයන කරන ආර්ථික විශේෂඥන්ට පහසුවෙන්ම තේරුම්ගත හැකිය. එහෙත් එවෙනි වැදගත් වානිජ මර්මස්ථාන සම්පූර්ණයෙන්ම චීනයට විකුණා දැමිමෙන් වාසියක් නොවන බව පකිස්තානය චීනය සමඟ ගනුදෙනු කරන ආකාරයෙන් බලා ගත හැකිය.

මෙහිදී මෙම සේද මාවත මාර්ගය ශ්‍රීලංකාව හරහා පකිස්තානය ඔස්සේ යුරෝපයට හරහා මුලු ලෝකයම සම්බන්ධ කරයි. එබැවින් මෙම සංවර්ධන සමුළුවේ චීනයේ උපරිම සහයෝගය පකිස්තානයට දිනා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයකි.

එහෙත් ශ්‍රීලංකාවේ අගමැතිවරයා මෙම සමුළුවට සහභාගි වුවත් ඔහුට එම සමුළුවේ පකිස්තානයට ලැබුන ප්‍රමුඛත්වයක් නොලැබීම මේ වනවිට චීන ශ්‍රීලංකා වෙළෙඳ සම්බන්ධතා යම් ලෙසකින් පලුදු වී ඇති බවට හොඳම සාක්ෂියකි. එමෙන්ම ඉන්දියාවද මෙම සමුළුව මගහැර සිටීමට එක් හේතුවක් වුයේ පකිස්තානයේ කරනු ලබන චීන ආයෝජන වීම මෙහිදී විශේෂත්වයකි.

එමෙන්ම පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමුළුව අමතමින් චීනයේ සේදමාවත මාර්ගය සම්බන්ධව ඉතා ඉහළින් කතාකල අතර චීනයේ ලගම හිතවතකු බව එහිදි ප්‍රදර්ශනය කල බව ලෝක රොයිටර් සේවාව වාර්තා කොට ඇත.

1,234 views
Main News