එකම රැයක යතුරුපැදි තුනක් හා පාපැදියක් කොල්ලකාලා…
September 11, 2019 at 2:02 am | lanka C news
වවුනියාවේ සිදම්බරපුරම් ප්රදේශයෙන් එකම රැයකදී යතුරු පැදි තුනක් හා පා පැදියක් හොරකම් කොට ඇති අතර රැගෙන ගිය එක් යතුරු පැදියක් දමාගොස් තිබීයදී සොයාගත් බවට සිදම්බරපුරම් පොලීසිය පැවසීය.
මෙම හොරකම් සිදුව ඇත්තේ පසුගිය 03 දා රාත්රියේ වන අතර යතුරුපැදි අයිතිකරුවන් සහ පාපැදි අයිතිකරු ඔවුන්ගේ නිවෙස් වල ඒවා නතර කොට තිබියදී රාත්රියේ පැමිණි පුද්ගලියින් පිරිසක් විසින් ඒවා හොරකම් කොට රැගෙන ගොස් තිබේ.
එසේ හොරකම් කරණ ලද යතුරු පැදි වලින් එක් යතුරු පැදියක් සිදම්බරපුරම් වැවක් අසල දමා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත්තේ එම යතුරු පැදිය පණ ගැන්වීමට නොහැකි නිසා වන අතර යතුරු පැදිය හොරකම් කළ පිරිස එම යතුරු පැදියට බොහෝ අලාභ හානි සිදු කොට තිබේ.
කෙසේ වෙතත් රැගෙන ගිය සෙසු යතුරුපැදි හා පාපැදිය පිළිබඳව මෙතෙක් තොරතුරු නොමැති අතර සිදම්බරපුරම් පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ