එකම සිගරැට්ටුව බිවු 06කට කොරෝනා..

April 12, 2020 at 3:26 am | lanka C news
එකම සිගරැට්ටුව බිවු 06කට කොරෝනා..

ගත වූ පැය විසි හතර හමු වූ රෝගීන් 08 දෙනා සමඟ සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 198ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ සැක පලකරන්නේ, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් හය දෙනාට රෝගය වැළඳී ඇත්තේ එකම දුම්වැටි පානය කිරීමෙන් බවයි.

ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී සොයාගැනුණු කොවිඩ් නයින්ටීන් රෝගීන් 6 දෙනා ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ, එම පුද්ගලයින්, පසුගියදා සුදුවැල්ල ප්‍රදේශයේදී හොර පොල් කැඩීමට ගොස් හසුවූ පුද්ගලයා සමග එකම දුම්වැටිය බෙදාගෙන පානය කර ඇති බවට අනාවරණ වී ඇති බවයි.

අදාළ පුද්ගලයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට පසුව අනාවරණ විය.

පසුව බුද්ධි අංශ දියත් කළ මෙහෙයුමකදී ඔහු සමඟ සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයින් 28 දෙනකු ඕලුවිල් නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

ඒ සුදුවැල්ල ශාන්ත මරියා දේවස්ථාන පරිශ්‍රෙයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් පසුවයි.

ඒ අනුව 11 දිනයේදී ඔවුන්ගේ වාර්තා නිකුත් වූ අතර එහිදී අනාවරණ වුණේ ඉන් පස්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

අනතුරුව නාවික හමුදාව විසින් ඔහුන් පිරිස රෝහල්ගත කිරීමට කටයුතු කළේය.

එමෙන්ම පළමු ආසාදිතයාගේ බිරිඳට ද වෛරසය අසාදානය වී ඇති බව මේවන විට තහවුරු වී තිබේ.

ඒ අනුව ඇයව සහ මාස 07 වයසැති ඇයගේ දරුවා ද අද දින රෝහල් ගත කළේය.

එවන් පසුබිමක පවුල් 300ක් පමණ පුද්ගලයින් දහසක් පමණ පදිංචිවව සිටින ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය පසුගියදා සම්පූර්ණයෙන්ම හුදෙකලා කළේය.

ඒ අනුව අදාල පිරිස සමඟ ළඟින් ආශ්‍රය කළ තවත් පුද්ගයින් පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ අද සිදුකෙරුණි.

ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේදී මෙම පරීක්ෂණය සිදුකෙරුණු අතර මොවුන් පිරිස සුදුවැල්ල, පාරිස් පෙරේරා මාවත , කළුපාලම සහා මාකෙවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අනතුරුව පොලිසිය හා නාවික හමුදාව එක්ව පනහකට අධික මෙම පිරිස නිරෝධායනය සඳහා ඔළුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට අද යොමු කළේය.

සෞඛ්‍ය අංශ පවසන්නේ, මෙම පිරිස ප්‍රදේශයේ බොහෝ තැන්වල ඇවිද ගොස් ඇති බවයි.

එමෙන්ම ජා ඇළ පළමු ආසාදිතයාට මරදාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක කරයි.

– adaderana

149 views

20 Comments to “එකම සිගරැට්ටුව බිවු 06කට කොරෝනා..”

  1. සාජිත් says:

    මේ නිසා ඇති තරම් නොමිළයේ සිගරැට් ලබා දිය යුතු බව මම බොහෝම වගකීමෙන් හා පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා.
    සා-ජිත් (මොන්ගලගේ උපදෙස් පිට)

  2. Trevo says:

    අපිට සුභාරන්චියක් දෙනවලු.
    මොකක් වෙයිද ඒ සුභාරන්චිය. කොරෝනා අවසන්කලා චන්දෙ ජුනි කියල කියන එකද?

    • vishnu says:

      ඔව්

    • යොවුන් රාණි says:

      හරියට හරි . ඊට පස්සේ ඇරියස් වෙලා තියන බැංකු ලෝන්, ලීසිං, ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්..ආදී එකී මෙකි ගෙවන්න තියන ණය ඉක්මනින් ගෙවා දමන්න කියන එක තමා. ඔබට සතුටුයිද දැන් ??

      • Goyiyaa says:

        උඹලා තවමත් ඔලුවෙන් සිටගෙන ඉන්නේ කවදද දෙපයෙන් සිටගන්නේ අන්න එදාට තේරේවි ඔලුවෙන් සිටගෙන සිටීමේ අදිනාව! දැන් සැපද?

        • Alapaluwa says:

          යකෝ මුන් සිගරට්ටුවක් නොවේ 6 දෙනාම උරලා තිබෙන්නේ ගංජා සුරුට්ටුවක් ගංජාආආආආ සුරුට්ටුවක්

  3. Dot says:

    The sad world of the poor .Sharing a cigarette ? Was it a ‘reef ‘ to drug them to bliss Stealing to feed an addict it seems ..No built up immunity in that life style .This virus reveals so much ..tho its nasty and harsh .Hopefully now they will be cared for ..

    • buwa says:

      It was reported that they smoked a joint not actually a cigarette. So just spare your sympathy for the poor.

    • Sajith says:

      Government must give free cigarettes to all, whether they get Samurdhi or not.

    • XXDRAGON says:

      දෙරනෙ, හිරු එකේ කුඩු ගහන් උන් ගැන දාන්නෙ නැ…
      මුස්ලිම් එකෙක් කරානම් ඕක ලොකුවට දානව.
      baiyane, badaginne inna unta anduwa dena athal eka thamai jathiwadaya. THANAKAOLA KANA 69 LAKSHAYATA DAN SAPADA???

  4. Saman says:

    Katolikada?

  5. Saman says:

    Katolikada?monawahari kiyanna qatada?

  6. Wjidasa says:

    Hambiya awruda natikara,katolika ballo wesak natikarana hadanawa

  7. Sampath says:

    Christian’s Hinda kawuruth Kata Arinne.

  8. Kgs basnayake says:

    In these areas there are lot of crime, drug selling, human smuggling and illegal conversions.
    There should be additional intelligence and security if possible army and navy camps shall be set up to have proper control of these crimes.

  9. Saradiel says:

    මින් ඉදිරියට සිගරැට්ටු බහාලනයට කොරෝනා සංකේතය යොදවමු

Main News