එක්කෝටි විසි ලක්‍ෂයක හෙරොයින් තොගයක් සමගින් විදුහල්පති අත්අඩංගුවට…

March 11, 2019 at 4:40 pm | lanka C news
එක්කෝටි විසි ලක්‍ෂයක හෙරොයින් තොගයක් සමගින් විදුහල්පති අත්අඩංගුවට…

සේවයෙන් විශ්‍රාම ගියේ විදුහල්පතිවරයෙකු හෙරොයින් මත්කුඩු තොගයක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ ගල්දුව ප‍්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොගයේ වටිනාකම එක්කෝටි විසි ලක්ෂයක් පමණ වන බවත් පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථයකින් හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී මෙම විදුහල්පතිවරයා සහ තවත් වාහන කුලියට දෙන ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ විශ්‍රාමික විදුහල්පතිවරයා හෙරොයින් ජාවාරමේ ප්‍රධානියා බවත් අනෙක් සැකකරු තැරැව්කරුවකු බවත්ය. ‍

ප‍්‍රවාහනය කරමින් තිබු මෝටර් රියද විශ්‍රාමික විදුහල්පතිවරයාගේ බව පොලීසිය කියයි.

126 views
Main News