එක්කෝ ඇමති තිදෙනා හිරේ.. නැතොත් නීතිපති හිරේ.. යුගදනවි නඩුව ඉතිහාගතවෙයි…
December 17, 2021 at 10:01 pm | lanka C news
යුගදනවි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් ඇමරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලබා දීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව කැබිනට් ඇමතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ලබා දී ඇති දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව නීතිපති සංජය රාජරත්නම් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පැවසීය.
අදාල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥයකු ලෙස ජනාධිපති නීතීඥ උදිත ඉහළහේවා මහතා පෙනී සිට කරුණු දක්වද්දී ඊට විරෝධය පළ කරමින් නීතිපතිවරයා මේ බව කියා සිටියේය.
නමුත් විනිසුරු මඩුල්ල කියා සිටියේ තමාගේ දේශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.
අමාත්‍යවරුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කියා සිටියේ මෙම ගිවිසුම තම සේවාදායක අමාත්‍යවරුන් ඇසින් නොදුටු ඔහු අනුමත කළ එකක් නොවන බවයි.
අධිකරණය ඉදිරියේ දී මාධ්‍ය අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන ලද්දේ තමන් ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා ලබාදුන් දිවුරුම් ප්‍රකාශ සහ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලබාදුන් දිවුරුම් ප්‍රකාශ පරස්පර බවයි.
අධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශ මගින් එකම කාරණාවකට ප්‍රතිවිරුද්ධ දිවුරුම් ප්‍රකාශ දෙකක් පැවතිය නොහැකි නිසා මෙම දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් බොරු කියන බවත් එම බොරු කියන පාර්ශවය අනිවාර්යෙන් සිර දඬුවම් හිමිවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් වෙනුවෙන් අපි ඊට විරුද්ධව අධිකරණයට හමුවට යෑම නීතියට පටහැනි බව පිළිගන්නා නමුත් එය හෘද සාක්ෂියට එකඟ බවද පැවසූ අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ මෙම මේ ආකාරයට ආණ්ඩුවට විරුද්ධව අමාත්‍යවරුන් අධිකරණයක් හමුවට යන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට බවයි.
වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහතුන්ට ජය පතමු.
ගම්මන්පිල ඌ කරන්න තියෙන වැඩේ ඇර අදාළ නැති දේ සේරම කරනවා.
එක පාරක් තෙල් නැවකට නැග්ග. තෙල් ගෙන්න ඩොලර් බිලියන ගාණක ණයක් අස්සන් කරන්න ගියා 7% කොමිස් එකක් තියාගෙන.
ස’ ලියවිල්ලෙන්ම දීල තියෙන්නේ ගෑස් පිළිබඳව ප්‍රමිතියක් හදන්න කියල. තාම නෑ. ගෑස් ගැන කතාවකුත් නෑ.
මූ හිතා ඉන්නේ ගෑස් බලශක්තියක් නෙවේ කියල.
යකෝ තෙල්ටික ගෑස්ටික ගෙනෙන් ඔය පයියවල් කරන්න ඉස්සර.
අනේ ඉතින් තොපි වගේ මෝඩ අමු මැටි ජනතාවක් ඉන්න රටක් මෙහෙම නායකයෝ පත්කරගන්න එක අහන්න දෙයක්ද? කිසිම දෙයක් ගැන නොදැන බයිලා කියවන තොපි වගේ හම්බගොන්නු නිසා තමයි මේවගේ එවුන් පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ
Haha oya ekwkwath hire yanne naa
ඔවුන් සියළු දෙනා නිදහස් වේවි. නීතිය හිරේ යාවි.
ඇමරිකන් කාරයෝ කවරදාවත් ලන්කාවට හොඳක් කරන්නේ නැහැ. උන් ලන්කාව විනාශ කරන්න පිඹුරු පත් හදාපු එක විතරයි කලේ. මේවා ඉතින් රටේ අවාසනාව තමා.
කිසිවක් සිදුනොවෙි. මහ උන් රට සිටින බව ජනතාවට අමතක කිරීමට ගතවන දින කීපය සාමකාමීව බුක්ති විදිමු.
මෙිකත් මහ ලොකු අර්බුදයක්ද මෙි රටෙි?
ඔය කියන තරමි අර්බුදයක්දයක් නමි කියාපන්කො රටෙි අගමැතිට මෙි ගැන පුකාශයක් කරන්න.
ඊට පසු කිරිබත් කා පුකාශයේ සතුට සමරමු.
නීතිය දේශපාලනීීකරනය වූ රටක මීහරකුන් සේ ජීවත්වී පාලකයන්ට ගෞරව කරමු.
Do not worry. Everybody knows where these court decisions are written.
Mun Nam hire Yana ekamai Hoda…
වමල්ලා මේ හදන්නේ ඊගාව චන්දේට ඇදගන්න ඇදුමක් හොයන එක විතරයි