එක්නැලිගොඩ නඩුවේ සැකකාර හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට ඇප.. මුදල් ඇපය ලක්‍ෂ 15යි.. ශරීර ඇප ලක්‍ෂ 30යි..

October 24, 2016 at 7:29 pm | lanka C news
එක්නැලිගොඩ නඩුවේ සැකකාර හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට ඇප.. මුදල් ඇපය ලක්‍ෂ 15යි.. ශරීර ඇප ලක්‍ෂ 30යි..

අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ද නඩුවේ පලමු සැකකරු වන ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න හා 03 වන සැකකරු වන සාජන් මේජර් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ යන යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අවිස්සාවේල්ල මහාධිකරණය අද නියෝග කලේය.

ඔවුන්ට නියම වූ දඩය මුදලින් රුපියල් ලක්‍ෂ 15ක් හා රුපියල් ලක්‍ෂ 30 බැගින්වූ ශරීර ඇප 3කි.

විදෙස් ගමන්ද තහනම් කර ඇති අතර සෑම ඉරිදාවකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමටද නියෝග කර ඇත.

9 views
Main News