එක්වන්නේද.. වෙන්වන්නේද.. අගමැති සමග තීරණාත්මක පක්‍ෂ නායක හමුවට 55ක බලඇණියක් කැදවයි… ගැටුමකට යයි සැක..

April 18, 2021 at 10:26 pm | lanka C news
එක්වන්නේද.. වෙන්වන්නේද.. අගමැති සමග තීරණාත්මක පක්‍ෂ නායක හමුවට 55ක බලඇණියක් කැදවයි… ගැටුමකට යයි සැක..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්න පක්‍ෂවල නායකයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හෙට දිනයේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වීමට තිබේ.

එම සාකච්ඡා සඳහා පක්ෂ නායකයින් නොවන පිරිසක් ද කැඳවා ඇති බව දැන ගන්නට ඇත.

එම හමුව සදහා කැඳවා ඇති පිරිසක් 55 දෙනෙකු පමණ බවද වාර්තා වන අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ උපරිම වශයෙන් පක්ෂ 16ක් පමණි.

අගමැතිවරයා සමල අදාල සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමේදී එක් ආසනයක් සඳහා එක පක්ෂයකින් අපේක්ෂකයෝ තුන් දෙනෙකු පත් කිරීමට කළ යෝජනාවට සෙසු පක්ෂ විරුද්ධ වීම හේතුවෙනි.

සෙසු පක්‍ෂ නියෝජිතයෙකු කියා සිටියේ එම හමුවේ කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීම සඳහා මෙම පිරිස් කැඳවන්නට ඇති බවයි.

ඉදිරි පලාත් සභා මැතිවරණය එක්ව තරග කරන්නේද වෙන්ව තරග කරන්නේද යන්ත තීරණය කිරීමට තරම් මෙම සාකච්චාව තීරණාත්මක වනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

72,988 views

16 Comments to “එක්වන්නේද.. වෙන්වන්නේද.. අගමැති සමග තීරණාත්මක පක්‍ෂ නායක හමුවට 55ක බලඇණියක් කැදවයි… ගැටුමකට යයි සැක..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    මේක පර ජෙප්පන්ගෙ කුමන්ත්‍රණයක්

Main News