එක්ව ගමන් යන්න එපා.. යන ගමනක් උඩින් යන්න.. ප‍්‍රහාර අවදානමක්.. බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතරු අගවයි…

May 1, 2019 at 11:20 am | lanka C news
එක්ව ගමන් යන්න එපා.. යන ගමනක් උඩින් යන්න.. ප‍්‍රහාර අවදානමක්..  බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතරු අගවයි…

ඉදිරි සති කිහිපය කාලයේදී එක්ව ගමන් බිමන් වල සහ උත්සවවලට සහභාගි වීමෙන් වළකින ලෙස මෙරට මුල් පෙළේ නායකයන්ට රජයේ බුද්ධි අංශ විසින් දැනුම් දී තිබේ.

කතෝලික දේවස්ථාන විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වල උත්සවයන් සඳහා ඉදිරි දිනවල දී සහභාගිවීමෙන් හැකිතාක් වළකින්නැයි ද බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත.

කිසිසේත් නො වැළැක්විය හැකි ගමනක් වේ නම් ඒ සඳහා ගුවන් යානා යොදා ගන්නැයිද බුද්ධි අංශ විසින් තවදුරටත් දන්වා තිබේ.

බුද්ධි අංශ විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට කථානායකවරයාට සහ විපක්ෂ නායකවරයා ටයි.

නැවතත් ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වීමෙන් පසුව මෙම දැන්වීම කර ඇති අතර මෙම හෙළිවීමෙන් පසුව මෙරට මුල් පෙළේ නායකයන්ගේ ආරක්ෂාව තව තවත් දැඩි කර තිබේ.

98 views
Main News