එක්සත් කරනවා කියන්නේ රට බෙදන එකයි.. අපි විරුද්දයි..

December 17, 2016 at 7:05 am | lanka C news
එක්සත් කරනවා කියන්නේ රට බෙදන එකයි.. අපි විරුද්දයි..

නව ව්‍යවස්ථා සංශෝධනයකදී දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙකත් ඒකීය රාජ්‍ය සංකල්පය පිළිනොගන්නා බවත් එක්සත් ශ්‍රීලංකාවක් බිහිකිරීම වෙනුවෙන් ඔවුන් තවදුරටත් පෙනීසිටින බවත් එම සන්ධානය විසින් පසුගිය දිනවල ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ යන අය සහභාගීවූහ.

මධ්‍යම කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි

දෙමළ සන්ධානය පවසලා තිබෙනවා ඔවුන් ඒකීය භාවය පිළිගන්නේ නැහැයි කියලා. ජාතික හෙළ උරුමය ඉතිහාසය පුරාම ඒකීයභාවය වෙනුවෙන් පෙනීසිටියා. 2015 ජනාධිපතිවරණය සහ 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණය ඇතුළු සෑම මැතිවරණයකදීම ඒකීය භාවය ආරක්ෂා කළයුතුය යන්න තීරක සාධකයක් බවට පත්කළේ අපයි. ඒකීය භාවය ආරක්ෂා කරන බවට පොරොන්දුවූ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට එය වෙනස් කිරීම වෙනුවෙන් පෙනීඉන්න අයිතියක් නොමැති බව මෙහිදී අප අවධාරණය කර සිටිනවා.

1981දී සංවර්ධන සභා පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ එකඟවුවත් දෙමළ සන්ධානය එකඟවුනේ නැහැ. 1987 පළාත් සභා පිහිටුවේ උතුරේ ජනතාවට පාලන බලතල ලබාදෙන්න කියලයි. ඔවුන් ඉන් සෑහිමකට පත්වුනෙත් නැහැ. ඒනිසා අඩුම තරමින් 1987න් පසුවවත් මේරට තුළ දෙමළ ජනතාවට ඔවුන් දෙමළ වීම නිසා ඇතිව තිබෙන සුවිෂේශී වූ එක් ප්‍රශ්නයක් හෝ තිබෙනවා නම් හැකිනම් ඔප්පුකරලා පෙන්වන්න කියලා අපි දෙමළ සන්ධානයට අභියෝග කරනවා. ඔවුන් අනුගමනය කරන්නේ දැන් පොඩ්ඩක් පසුව ගොඩක් න්‍යායයි. දෙමළ සන්ධානයේ ඒකායන අරමුණ වෙනම රටක් දිනාගැනීම බව මෙවැනි ප්‍රකාශ වලින් යලි යලිත් තහවුරු වෙනවා.

1987 දී පළාත් සභා පිහිටුවීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත් තුළ ඊලම ප්‍රකාශයට පත් කරන්න කටයුතු කළා. එම අවස්ථාවේදී එවකට ජනාධිපතිවරයාත් රජයත් එම පළාත් සභා විසුරුවා හරින්නට කටයුතු කළා. එසේ කළ හැකිවූයේ ආපසු ලබාගත හැකි ආකායෙන් පළාත් සභාවලට බලය ලබාදී තිබූ නිසයි. ඒ නිසා දෙමළ සන්ධානයේ මේ ඉල්ලීම් වලට කිසිසේත් එකඟවිය නොහැකි බව අපේ අදහසයි. නැවත ලබාගත නොහැකි ආකාරයේ බලයක් පළාත් සභාවලට නොදියයුතු බව ජාතික හෙළ උරුමයේ ස්ථාවරයයි. එහෙම බලයක් ලබාදීමෙන් දෙමළ ජනතාවට තියෙනවා කියන ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේ නැහැ. නැගෙනහිර පළාතේ දෙමළ ජනගහනය දෙවැනි තැනට වැටිලා. උතුරේ ජීවත් වන්නේ ලංකාවේ සමස්ත දෙමළ ජනතාවගෙන් 32%ක් පමණයි. එවැනි පරිසරයක උතුරට බලය බෙදීමෙන් සමස්ත දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ කොහොමද?. ඒ නිසා උතුරට ආපසු ලබාගත නොහැකි පරිදී බලය දෙනවා කියන්නේ පනින රිලවුන්ට ඉනිමං බදිනවා වගේ වැඩක්.

ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරනවා නම් එය කළයුත්තේ රටේ දේශපාලන ස්ථාවරභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අරමුණින් පමණයි. එලෙස නොකර ජනමත විචාරණයකට තුඩුදෙන කිසිඳු ව්‍යවස්ථා සංශෝධනයක් නොකළයුතු බව අපගේ ස්ථාවරය වන බවත් එවැනි සියලු උත්සහයන් පරාජය කිරීමට අප පෙරපරිදිම කටයුතු කරසිටින බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණයට කළයුතුයි.

පටු බලලෝභය මුල්කරගෙන උතුරේ සිටින ජාතිවාදීන් කරනදේම අද දකුණේ සිටින ජී.එල්.පිරිස් සහ රාජපක්ෂවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසිනුත් සිදුකිරීම ඉතා කණගාටුදායකයි. 2000දී ෆෙඩරල් පැකේජය කෙටුම්පත් කරන්න නායකත්වය දුන් ජී.එල්.පීරිස් මැතිතුමා විසින්ම අද බලය බෙදනවා කියලා කෑගහන එකෙන්ම ඔවුන්ගේ අරමුණ කුමක්ද කියන එකත් හොඳින් පැහැදිලි වනවා.

ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා –

දෙමළ ජාතික සන්ධානය 2015 ජනවාරි 08 වෙනිදා නව දේශපාලන ගමනකට එක්වුනාම ඔවුන් වෙනස්වෙන්න උත්සහ කරනවා කියලා මේ රටේ ජනතාව සතුටු උනා. නමුත් වසර දෙකක් තිස්සේ කෙකරගාලා දෙමළ සන්ධානය ආයේ දාලා තියෙන්නේත් පරණ බිත්තරයක්ම බව පළමුව ස‍‍ඳහන් කළයුතුයි. පරාදීන ගෝත්‍රවාදී ෆෙඩරල් අදහස් අතහැර දෙමළ ජනතාව පෙරට ගෙනයාම සඳහා නායකත්වය ලබාදීමට ආර්. සම්බන්ධන් වැනි අත්දැකීම් බහුල වයෝවෘද්ධ දේශපාලන නායකයෙකුට නොහැකිවීම ගැන අප එක් අතකින් කණගාටු පත්වනවා.

ඒකීය සහ එක්සත් කියන වචන දෙක එකම තේරුමක්අර්ථයක් ඇති වචන නොවෙයි. ඒකීය එහෙම නැත්තන් යුනිටරි කියන්නේ එක තැනකින් පාලනය වනවා, නීති හදනවා කියන එකයි. ඒ වගේම එක්සත් එහෙම නැත්නම් යුනයිටඩ් කියලා හඳුන්වන පාලන සංකල්පය තුල නීති සම්පාදන ආයතන එකකට වඩා තිබිය හැකි බව පිළිගන්නවා. කෙටියෙන්ම කිව්වොත් එක්සත් කරනවා කියන්නේ රට බෙදෙනවා කියන එකයි. අපි ඒ බෙදුම්වාදය පරාජය කරලා ඉවරයි. ඒ නිසා ලිහා බලපු මල්ලේ ඔබා බලන්න දෙයක් තවත් නොමැති බව අප මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා මේ රටේ ඒකීයභාවය පලුදුකරලා ෆෙඩරල්වාදය ගෙනඒමට කවුරුන් හෝ උත්සහ කරනවා නම් එය සිදුකරන්න ජාතික හෙළ උරුමය කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැහැ.ඒ වගේම ඒ සෑම උත්සහයක්ම පරාජය කිරීමට අප සියලුදෙනා දිවිහිමියෙන් කටයුතු කරන බවත් මෙහිදී අවධාරණය කළයුතුයි. රටට ජාතියට ආදරේ කරනවා කියලා බොරුවට වහසිබස් දොඩන පුද්ගලයෝ වගේ නැතිව අපි කරන දේ කියන කියන දේ කරන පිරිසක් බව ඉතිහාසයෙන් ඔප්පු කරලා තියෙනවා. ඒවගේම මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පැහැදිලි කරපු වාර්තාවක් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාවටටත් ඊට අමතරව ගරුතර මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහාසංඝ රත්නයටත්, ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මැති ඇමතිවරුන්ටත්, දේශපාලන පක්ෂවලටත්, මාධ්‍ය ආයතන වලටත්, මේ සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු දෙනාටත් යොමුකරන්න අප විසින් කටයුතු කළබවත් මෙහිදී සිහිපත් කළයුතුයි.

මීට අමතරව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් හම්බන්තොට වරායේ සිදුවීම ඇතුළු වර්ජන,තර්ජන, විරෝධතා ගැනත් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වන්නට අප බලාපොරොත්තු වනවා. විශේෂයෙන්ම අප දැක්කා පසුගිය දිනවල පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවූ බස් වැඩවර්ජනයේදී ලංගම බස්රථ 128කට හානි සිදුවුනා. ඒ වගේම පුද්ගලයින් 28 දෙනෙකුට බරපතල තුවාල සිදුවුනා. ගල්පහරකට ලක්වුනු රණවිරුවෙක් තවමත් අනුරාධපුර රෝහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබනවා. මේ පසුපස ඒකාබද්ධ විපක්ෂය සිටියා කියලා දැන් තහවුරු වෙලා තියෙනවා. එම පහරදීම් නිසා සහ විරෝධතා නිසා ලංගමට කෝටි 117ක අලාභයක් සිදුවෙලා. ලංගම දේපල කියන්නේ පොදු දේපල. ඒත් තවමත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවත් පෙනීයන්නේ නැහැ. ඒ නිසා අප යෝජනා කරනවා මේ බස්වර්ජනය මෙහෙයවූ අංජන ප්‍රියංජිත්,රෑබට් සිල්වා ඇතුළු පෞද්ගලික බස් සංගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ගෙන් එම මුදල් අයකර ගතයුතුයි.

දිගින් දිගට පාඩුලැබූ මාගම්පුර වරාය සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන එය ලබන ජනවාරි 08 වනදින ක්‍රියාත්මක කිරීමට නියමිත වෙලා තිබෙනවා. ඒ අතරතුර එහි සේවක පිරිසක් ඒ තීරණයට එරෙහිව වරායට ආපු නෞකා දෙකක් බලහත් කාරයෙන් රඳවා ගෙන සිටියා. සාමාන්‍යයෙන් මෙහෙම රඳවාගෙන ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ මුහුදු මංකොල්ලකාරයෝ විසිනුයි. මම දැක්කා හිටපු ජනාධිපතිතුමා ඊයේ පන්සලක පිංකමකට ගිහින් එනගමන් කිව්වා මේ ඉන්නේ මුහුදු මංකොල්ලකාරයෝ නෙවෙයි අහිංසක දරුවෝ ටිකක් කියලා. වරාය අධිකාරියේ සේවකයින් බඳවා ගැනීමේ පටිපාටියට පිටින් මිනිස්බල කණ්ඩායමක් ලෙස මේ අහිංසක දරුවන්ව වරායේ වැඩට ගැනීම සිදිකල හා තමන් බලයේ සිටියදී ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවයට කටයුතු නොකල නාමල් බබාට මේ අහිංසක බබාලව පාලනය කිරීමේ හැකියාවක් ඇතිබව අපේ විශ්වාස කරනවා. ඒවගේම ඕන කෙනෙකුට වැඩවර්ජනය කරන්න අයිතිය තියෙනවා. නමුත් කඩාකප්පල් වැඩ කිරීමට හෝ නීතිවිරෝධී ආකාරයෙන් වරාය කටයුතු වලට බාධාකරලා එහි කටයුතු අඩපණ කිරීමට හෝ ඔවුන්ට ඉඩදිය නොහැකියි. මේ හිරකරගෙන හිටි නෞකාව වාහන 7000ක් එකවර ප්‍රවාහනය කළහැකි ලෝකයේ දැනට තියන විශාල නෞකාවක්. ඒ නැව රඳවාගෙන හිටියට දිනකට ඩොලර් ලක්ෂ 04 බැගින් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. මෙවැනි අවස්ථාවක ලෝකයේ පවතින නාවුක නීතියට අනුව කටයුතු කරන්න රජය බැදීසිටිනවා. ඒ අනුව මේ නෞකාවන් මුදාගැනීම සඳහා කටයුතු කරන්න අපේ නාවික හමුදාවට සිදුවුනා.

මේ අවස්ථාවේදී එය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියෙකුට අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්න වුනා. අප ඒ සම්බන්ධයෙන් අපගේ කණගාටුව ඵලකරන අතරේ ඕනෑම ආයතනයකට ඇතුළු වෙනකොට ඒ ආයතනයෙන් පූර්ව අවසරයක් ගතයුතුයි කියන එක පිළිගත් ක්‍රමයක් බව මතක් කරන්න ඕන. මේ මාධ්‍යවේදියා එහෙම අවසරයකින් තොරව ඇතුලත් වෙලා විරෝධතා කරුවන් අතරේ හිටිය කෙනෙක් කියලා වරාය ඇමතිතුමා කියනවා. අනෙක මේ වගේ මුදාගැනීම් කටයුත්තක් සිදුවන අවස්ථාවක මෙවැනි සිදුවීම් ඇතිවීම ස්වභාවිකයි.

ඒ වගේම දැන් සමහරු හම්බන්තොට වරාය විකුණන්න හදනවා, එහේ ඉඩම් පවරගෙන මිනිස්සු පන්නා දමන්න හදනවා කියලා කෑ ගහනවා. පසුගිය රාජපක්ෂ පාලන කාලයේදීයි තමයි මේ වරායට ඉඩම් අත්කර ගත්තේ . ඒ වගේම කොළඹ තිබුනු බෝහොමයක් ඉඩම් 99 අවුරුද්දටයි 30 අවුරුද්දටයි චීනයට බදු දුන්නා. අද කෑගහන කිසිවෙක් එදා ඒවාට විරුද්ධ වුනේ නැහැ. ඒ නිසා මේගැන තැනතැන කියව කියව යන මහින්ද රාජපක්ෂ මැතිතුමායි, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහත්වරුනුයි සැබැවින්ම හම්බන්තොට වරාය චීනයට පවරනවාට විරුද්ධයි නම් ඒ සියලු දෙනාට එකට වාඩිවෙලා එක මාධ්‍ය සාකච්ඡාවක් තියලා තමන්ගේ අදහස කියන්න කියලා අපි ප්‍රසිද්ධියේ අභියෝග කරනවා. ඔවුන්ට එය කරන්න බැරි බවත් අපි දන්නවා.

මාධ්‍ය ඒකකය,
ජාතික හෙළ උරුමය

5,933 Viewers

5 Comments to “එක්සත් කරනවා කියන්නේ රට බෙදන එකයි.. අපි විරුද්දයි..”

  1. maha mathi says:

    හෙළ උරුමය පාවා දුන්නන්ගේ පක්ෂය ලෙස නුබලා අමරණීයයි.රට කෑමේ සාපය සේවනේල්ලක් මෙන් නෞබල පසු පස එනවා. ඒ අවතාරයෙන් තොප සැම දහදුක් විද ජරා මුඛයට පත් වෙනවා. වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන තොප සිංහලයටම නිගරුවක්. අතනයා මෙතනයා රතනයා පින් පික ලා බලු සින්හලා අපි පාවා දුන්නා. අපේ සාපය තොපටයි.

  2. K shantha says:

    The damaged urumaya has done to srilanka is more than enough.

    There is nothing left TNA to do
    Don’t talk rubbish

  3. Kolitha says:

    Hela karumaye walgaya paagagath wijathika sunakayini nubalage saha nubala kadeyana don juwan parapure kaalaya hamara wee atha…thopata saapawewa….

  4. Champa says:

    වරෙල්ල ජනවාරි මාසේ පාරට. ඒකට කියන්නේ කතාවෙන් නැතුව ක්‍රියාවෙන් පෙන්වනවා කියලා.

    පක්ෂේ හැටියට, එක සීයක් දෙසීයක් පාරට ගේන්න පුළුවන් නම් ඒකත් ඇති. අපි කිසි කෙනෙක් අවතක්සේරු කරන්නේ නැහැ. ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව රට වෙනුවෙන් පාරට එන හැම කෙනෙක්ගෙම වටිනාකමක් තියෙනවා.

  5. Vichi says:

    Opportunistics! Now knowing that this government getting rejected by people, trying to change the costume!

Main News